July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් | SLS නැත්නම් ගන්න එපා..!

1 min read

දේශීයව නිෂ්පාදනය කරන , SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර තිබේ.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වැනි වගන්තිය යටතේ මෙම විධානය නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන SLS භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් පමණක් එම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව ද සඳහන් කර ඇත.

මෙම නියෝගය එක්වරක් පමණක් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා (SLS 1732) සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි සිහින් සනීපාරක්ෂක තුවා (SLS 1748) සඳහා අදාළ වේ.

එමෙන්ම, ආනයනය කරන සනීපාරක්ෂක තුවාද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ක්‍රියාත්මක කරන ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ පරීක්ෂා කර අනුමත කර නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම ද තහනම් වන බව අධිකාරිය සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  වැට් (VAT) දැල තවත් පුළුල් වෙයි! අලුතින් ව්‍යාපාර 10,000ක් බදු පද්ධතියට; සීමාව මිලියන 36ට බස්සයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අදාළ ප්‍රමිතීන්ට ඉදිරියේදී සිදුකරන සියලු සංශෝධන සඳහා ද මෙම විධානය බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x