September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හාල් මිල හොඳටම අඩු කළේ අපි – වසන්ත සමරසිංහ

1 min read

වී කිලෝවක් සහල් බවට පත් කිරීම සඳහා වැයවන සාමාන්‍ය පිරිවැය රුපියල් 17ක් වැනි අවම මට්ටමක පවතින බවත්, ඒ අනුව ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සාධාරණයක් වන පරිදි සහල් මිල පාලනය කිරීමට රජය පියවර ගන්නා බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය මගින් සිදු කරන ලද විද්‍යාත්මක ගණනය කිරීම්වලට අනුව මෙම පිරිවැය තීරණය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වී අස්වනු නෙළීමේ සිට සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කිරීම දක්වා වූ සියලුම වියදම් මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ. “වී මිටිය කර තබා ගන්නා කම්කරුවාගේ පඩියේ සිට, ලොරියට පැටවීම, රියදුරු සහ සහායක වැටුප්, ගමන් අතරතුර තේ පානය සඳහා යන වියදම සහ ලොරි ටයර් ගෙවී යාම දක්වා වූ සියලුම සාධක විද්‍යාත්මකව ගණනය කර තිබෙනවා,” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කිරීම සඳහා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් 11 දෙනෙකු මේ වන විට ලියාපදිංචි කර ඇති බවත්, ඔවුන් හරහා වී කිලෝවක් සහල් කිරීමට රුපියල් 12 සිට 22 දක්වා වූ මිල ගණන් යටතේ ටෙන්ඩර් කැඳවා ඇති බවත් ඔහු පැවසීය. ඒ අනුව සහල් නිෂ්පාදනයේ සාමාන්‍ය පිරිවැය රුපියල් 17-18ත් අතර අගයක පවතින බව තහවුරු වී තිබේ.

ජනප්‍රිය පුවත්  76 ඉලෙක්ට්‍රික් කාර් හදපු, ලෝකයේ මුලින්ම අත් ට්‍රැක්ටරය හදපු ලාංකිකයන්ට මොකද වුණේ?

2026 යල් කන්නයේ අස්වනු නෙළීම මේ වන විට අම්පාර, හම්බන්තොට සහ අනුරාධපුර වැනි ප්‍රදේශවල ආරම්භ වී ඇති බව පැවසූ අමාත්‍යවරයා, රජය මැදිහත් වී සහතික මිලක් යටතේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බව ද පැවසීය.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120, සම්බා වී කිලෝවක් රුපියල් 130, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140 යන මිල ගණන් යටතේ වී මිලදී ගැනීමට රජය රුපියල් මිලියන 16,000ක මුදලක් වෙන් කර තිබේ.

පසුගිය කාලයේ රුපියල් 270-280 දක්වා ඉහළ ගොස් තිබූ සහල් මිල පාලනය කරමින්, පාරිභෝගිකයාට රුපියල් 220, 230, 240 සහ 260 වැනි සාධාරණ මිල ගණන් යටතේ සහල් වර්ග මිලදී ගැනීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකස් කර ඇති බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x