July 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැදවච්චියේ අක්කර 100 කට අධික වනාන්තරයක් විනාස කරයි | බුරුත, නැදුන්, හල්මිල්ල ඇතුළු වටිනා ගස් කපලා

1 min read

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආනේකෙට්ටිය ග්‍රාම නිලධාරී වසමේ මහකෝන්ගස්කඩ විහාරස්ථානය ආසන්නයේ පිහිටි රජයට අයත් අක්කර සියයක පමණ වනාන්තර පද්ධතියක් කිසියම් පිරිසක් විසින් දැඩි ලෙස විනාශ කර ඇති බව වාර්තා වේ.

සත්ත්ව ගොවිපොළක් ඉදිකිරීමේ මුවාවෙන් මෙම මහා පරිමාණ වන විනාශය සිදුකරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

මෙම වනාන්තරය තුළ තිබූ කළුවර, බුරුත සහ හල්මිල්ල වැනි ඉතා වටිනා දැවැන්ත ශාක රැසක් මේ වන විටත් කපා ඉවත් කර ඇති බව ඔවුහු පවසති.

මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන උලුක්කුලමේ ඉන්දසාර හිමියන් සඳහන් කළේ, මහකෝන්ගස්කඩ ප්‍රදේශය වටා ඉතිරිව ඇති එකම කැලෑ භූමිය මෙය බවයි.

අලි ඇතුන්, දිවියන් සහ මුවන් වැනි සතුන්ගේ වාසභූමියක් වන මෙම වනාන්තරය විනාශ කිරීම හේතුවෙන් වන අලි තම්මැන්නාකුලම ගම්මානයට කඩා වැදී වගා හානි සිදු කරන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
වන අලි තර්ජනයෙන් බේරීම සඳහා ගම්වැසියන්ට අගල් කපා ගැනීමට පවා සිදුව ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

වන විනාශය සිදුකරන පිරිස් තමන්ට ඒ සඳහා බලපත්‍ර ඇති බව පවසන නමුත්, වනජීවී හා ගොවිජන සේවා නිලධාරීන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බව පවසන බවත්, ප්‍රාදේශීය ලේකම්වරයා පවා මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් ඉන්දසාර හිමියෝ චෝදනා කරති.

ජනප්‍රිය පුවත්  දින නියමයක් නොමැතිව සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි කල්යයි

මේ පිළිබඳව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් ප්‍රකාශ කළේ, ඉදිරි තීරණයක් ගන්නා තෙක් අදාළ වනාන්තරය එළිපෙහෙළි කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x