July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි

1 min read

සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා වන වසන්ත සමරසිංහ මහතා විසින් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව, සීමා සහිත පෞද්ගලික සාමගමක් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් පැවති රුපියල් 4600ක් වු ගාස්තුව රුපියල් 5200 දක්වා ඉහළ දමා තිබේ.

සීමාසහිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීම සදහා රුපියල් 23,000ක්ව පැවති ගාස්තුර රුපියල් 26,400 දක්වා ඉහළ නංවා ඇති අතර සීමාරහිත සමාගමක් ලියාපදිංචිය සඳහා පැවති රුපියල් 17,250ක්ව පැවති ගාස්තුව රුපියල් 19,800 දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.

ඊට අමතරව සමාගමක නාමයක් අනුමත කිරීම සදහා පැවති රුපියල් 2300 ගාස්තුව රුපියල් 2600 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන් වෙයි.

රුපියල් 3450ක්ව පැවති සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3900 දක්වා ඉහළ නංවා ඇති අතර සමිති ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ගාස්තුව රුපියල් 1725 සිට රුපියල් 1900 දක්වා ඉහළ නංවා තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x