July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුවෙන් යැවූ රැඳවියන් තිදෙනෙක් අඟුණකොළපැලැස්ස, බූස්ස සහ වැලිකඩ බන්ධනාගාරවලදී මියයෑම ගැන පොලිස් විමර්ශනයක්

1 min read

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් පසු අඟුණකොළපැලැස්ස, බූස්ස සහ වැලිකඩ බන්ධනාගාරවලට මාරුකර යැවූ රැඳවියන් තිදෙනෙකු මරණයට පත්වීම සම්බන්දයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ බන්ධනාගාර අයත් කොට්ඨාසවල පොලිස් ස්ථාන මගින් එම විමර්ශන සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මීගමුව බන්ධනාගාරයේ සිට අඟුණකොළපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවලට මාරුකර යැවූ රැඳවියන් දෙදෙනෙකු හදිසියේ ඇති වු අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව ඊයේ දිනයේදී එම බන්ධනාගාර විසින් ප්‍රකාශ කර තිබිණි.
එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යැවූ රැඳවියෙකු සියදිවි හානිකරගෙන ඇති බවක් ද කියැවිණි.
එසේවෙතත් සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව පෙරේදා (07) රාත්‍රියේදීම නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කර තිබුණේ ඉහත කී බන්ධනාගාරවලට මාරුකර යැවූ මීගමුවේ රැඳවියන්ට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉතාම දරුණු ලෙස පහරදී ඇති බවටත් වැලිකඩ බන්ධනාගාරයට යැවූ රැඳවියකු මෙම පහරදීම්වලින් මියගොස් ඇති අතර එය සියදිවි හානිකරගැනීමක් වශයෙන් හුවාදැක්වීමේ සූදානමක් ද ද පවතින බවටත් ය. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම පළිගැනීමේ මෙහෙයුම නැවැත්වීමට මැදිහත් වෙමින් රැඳවියන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස එම කමිටුව බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

ජනප්‍රිය පුවත්  වෙනිසියුලාවේ ප්‍රබල භූකම්පනයක්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x