July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජපාන භූකම්පනයෙන් මියගිය ගණන 13ක් දක්වා ඉහළට

1 min read

නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රභලත්වයෙන් යුතුව මෙම භූ කම්පනය ඊයේ (28) හටගෙන තිබුණි.

භූ කම්පනය හේතුවෙන් නිවාස සහ සාප්පු සංකීර්ණ ඇතුළු ගොඩනැඟිලිවල සිරවී සිටි පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේවනවිට අතුරුදන් වී ඇති පුද්ගලයින් සංඛාව 10කට අධික බව වාර්තා වේ.

ජපානයේ තෙවන විශාලතම දූපත ලෙස සැලකෙන ක්යුෂූ දූපතේ මෙම භූකම්පනය හටගෙන තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x