අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන සෙබළු 8ක් මියගිහින් | බ්‍රෙන්ට් බොරතෙල් බැරලයත් ඩොලර් 80 සීමාව ඉක්මවයි !
1 min read
හෝමූස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව විසින් දියත් කළ ප්‍රහාර මාලාවකින් ඉරාන සෙබළුන් 8දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉරාන ආරක්ෂක අංශ නිවේදනය කළේ, ඉරාන වේලාවෙන් පෙරේදා (07) රාත්‍රියේ අමෙරිකාව විසින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇති බවයි.
ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම ප්‍රහාරවලින් මියගොස් ඇත්තේ එරට ගුවන් සහ නාවික හමුදාවලට අනුයුක්තව සේවය කළ සෙබළුන් පිරිසකි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඔවුන් බන්ඩාර් අබ්බාස් සහ බුෂෙහර් යන ප්‍රදේශවල රාජකාරීවල නිරතව සිට ඇති බව සඳහන්ය.
මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානය සමග පැවැති සටන් විරාමය අවසන් බව ප්‍රකාශ කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ.
මෙම යුධමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල නැවත වතාවක් අමෙරිකානු ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් ඇත.
