July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

⁣විශ්වවිද්‍යාලයක් වසා දමයි | හේතුව මෙන්න

1 min read

මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා ඇත. ඩෙංගු අවදානම් තත්ත්වයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇත. ඊයේ (06) දිනයේ සිට සති දෙකක කාලයක් සඳහා එම විශ්වවිද්‍යාලය වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

මේ දිනවල විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු පැවැත්වෙන අතර උණ රෝග වැළදී ඇති ඇතැම් සිසුන් එම විභාග සඳහා සහභාගි වී ඇති බව ද වාර්තා වේ. මේ දිනවල විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු පැවැත්වෙන අතර උණ රෝග වැළදී ඇති ඇතැම් සිසුන් එම විභාග සඳහා සහභාගි වී ඇති බව ද වාර්තා වේ.

ඒ හේතුවෙන් මෙසේ විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. කෙසේවෙතත් එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සදහන් කළේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සිසුන් සඳහා දේශන කටයුතු සිදු කරන බවය.

ඒ අනුව ඊයේ දිනයේ සිට සති දෙකක කාලයක් වසා දැමුනු මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු එළඹෙන 21 වනදා යළි ආරම්භ කිරීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x