July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මුදල් අමාත්‍යාංශයේ ටොන් ගණන් සල්ලි තියෙනවා – ඇමති බිමල් රත්නායක

1 min read

පාසල්, රෝහල්, පාලම් සහ මහාමාර්ග ඇතුළු රටේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය සතුව ඕනෑතරම් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, “ඇත්ත කතාව කිව්වොත් මුදල් අමාත්‍යාංශයේ ටොන් ගණන් සල්ලි තියෙනවා. ඉස්කෝල, පාලම් හදන්න අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා,” යනුවෙනි.

රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2025 වසර ආර්ථිකය, නීතිය සහ සමාජය ස්ථාවර කරන වසරක් ලෙසත්, 2026 සිට 2028 දක්වා කාලය සෑම ක්ෂේත්‍රයකම පූර්ණ සංවර්ධනයක් ඇති කරන වසර ලෙසත් හඳුන්වා දුන්නේය. 2029 වසර වන විට රටේ පූර්ණ පරිවර්තනයක් සිදු කිරීම රජයේ ඉලක්කය බවද ඔහු සඳහන් කළේය.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, වසර ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබූ මෙම ක්ෂේත්‍රය සුරක්ෂිත සහ සුවපහසු මට්ටමකට ගෙන ඒමට තවත් වසර 4ක් හෝ 5ක් ගතවනු ඇති බවයි.

කෙසේ වෙතත්, මේ වන විටත් මෙට්‍රෝ බස් සේවාව ආරම්භ කර ඇති අතර, ලංගම සඳහා තවත් බස් රථ 800ක් ඉදිරි වසර තුළ ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

ජනප්‍රිය පුවත්  රට බංකොලොත් කළේ කවුද..? – මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

දුම්රිය මාර්ග පද්ධතියේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් රඹුක්කන, පේරාදෙණිය සහ නාවලපිටිය දක්වා වූ කොටස්වල සංවර්ධන කටයුතු කඩිනම් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මුදල් පැවතියද, පසුගිය පාලන සමයන්හිදී රාජ්‍ය අංශය දුර්වල කර තිබීම සහ තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය වත්මන් රජය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බව පෙන්වා දුන් බිමල් රත්නායක මහතා, කසළ කළමනාකරණය, පානීය ජලය සැපයීම සහ හරිත බලශක්තිය වෙනුවෙන් ඉදිරි වසරේදී වැඩිම මුදලක් වෙන් කරන බවද ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම අරුවක්කාලු සහ කරදියන වැනි කසළවලින් බලශක්තිය නිපදවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට රජය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x