October 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශිරන්ති රාජපක්ෂ දිවයිනට

1 min read

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

මලයාසියාවේ සිට පැමිණි MH 179 දරණ ගුවන් යානයෙන් ඇය රාත්‍රි 11.26ට පමණ දිවයිනට පැමිණි බව අද ගුවන් තොටුපළ වාර්තාකරු පැවසීය.

සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් සිදුකර තිබිණි.

කෙසේවෙතත් එවන් පසුබිමක ඇය පසුගියදා සිංගප්පූරුවට පිටත්ව ගොස් තිබිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x