July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රජකමට සුදුසුයි කිවුවේ හැම ගොවියම නෙමෙයි.. උඩුනුවර, යටිනුවර ගොවි තැන් කළ ඉහළ කුලවලට අයිති අයටයි..

1 min read

ගොවියන් රජවරුන් ලෙස හැඳින්වීම අතීතයේ සිට පැවත එන අසත්‍ය ප්‍රකාශයක් බවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඓතිහාසික කරුණු ගෙනහැර දක්වමින් පැහැදිලි කිරීමක් කළේය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම ප්‍රකාශය මෙරට සමස්ත ගොවි ජනතාවටම අදාළව නොව, එක්තරා විශේෂිත ඓතිහාසික පසුබිමක් මත ගොඩනැගුණක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා, රොබට් නොක්ස් උපුටා දක්වමින් සඳහන් කළේ, මහනුවර යුගයේදී උඩුනුවර සහ යටිනුවර යන ප්‍රදේශවල ගොවිතැන් කටයුතුවල නිරත වූ එවකට සමාජයේ ඉහළ කුලවලට අයත් පුද්ගලයන් බවයි.

“රොබට් නොක්ස් සඳහන් කර තිබෙනවා උඩුනුවර සහ යටිනුවර ගොවිතැන් කළ ගොවියෝ, ගොවිතැනින් ඉවත් වී මඩ සෝදාගත් පසු රජ පුටුවේ වාඩි කරවීමට තරම් සුදුසු ඉහළ කුලවල අය බව. ‘මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි’ කියන ප්‍රසිද්ධ කියමන බිහිවුණේ අන්න ඒ ඓතිහාසික පසුබිම තුළයි. එය රටේ සෑම ප්‍රදේශයකම සිටින සෑම ගොවියෙකුටම අදාළව කියූවක් නොවෙයි” යනුවෙන් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ජනප්‍රිය පුවත්  දවස් 7​ට ඩෙංගු රෝගීන් 8450ක්

කාලයත් සමඟ මෙම විශේෂිත නිරීක්ෂණය පොදු ජනප්‍රවාදයක් සහ කියමනක් ලෙස සමාජගත වී ඇති බවත්, අමාත්‍ය ලාල්කාන්ත මහතා සිය ප්‍රකාශය මගින් අදහස් කරන්නට ඇත්තේ එම ඓතිහාසික සත්‍යය පිළිබඳව විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x