July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදෙස් ආයෝජකයන් කොටස් වෙළඳපොළ “පටස්“ ගා අත හරී !

1 min read

කොළඹ කොටස් වෙළඳපොල ආයෝජනය කර සිටි විදේශීය ආයෝජකයින් තම කොටස් අලෙවි කර කොළඹ කොටස් වෙළඳපොළ අතහැර යාමේ ප්‍රවණතාව මේ වන විට වේගවත් වී තිබේ.

2026 වසරේ මුල් මාස 4 (ජනවාරි සිට අප්‍රේල් දක්වා) තුළ පමණක් විදේශීය ආයෝජකයින් රුපියල් බිලියන 25කට වඩා වැඩි (රුපියල් 25,130,94,000) ශුද්ධ කොටස් ප්‍රමාණයක් විකුණා දමා තිබේ. අප්‍රේල් මාසය තුළ පමණක් සිදුවූ ශුද්ධ විදේශීය මුදල් ගලායාම (Net outflow )රුපියල් බිලියන 5.3කි. 2025 වසරේදී විදේශීය ආයෝජකයන් ආණ්ඩුව තම කොටස් විකිණීම අරඹන ලද අතර, එම සමස්ත වසර සඳහා කොළඹ කොටස් වෙළඳපොලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 122 ක ශුද්ධ අරමුදල් ප්‍රමාණයක් ඉවතට ගලා ගොස් තිබේ.

2026 මැයි මාසය නිමවන විට කොළඹ කොටස් වෙළඳපොළෙන් පිටතට ගලා ගිය ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය (Cumulative outflow) ඇ.ඩො.මි 103.04 (රුපියල් බිලියන 34කට අධික මුදලක්) ක් වෙතැයි වාර්තා වේ. ජුනි මාසය තුළද ම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වී තිබේ.

ඒ අනුව ජුනි 18 වැනිදා පමණක් විදෙස් ආයෝජකයින් රුපියල් මිලියන 333ක ශුද්ධ කොටස් ප්‍රමාණයක් අලෙවි කර තිබේ. ජුනි 23 දිනද රුපියල් මිලියන 255 ක ශුද්ධ විදෙස් අරමුදල් ප්‍රමාණයක් වෙළඳපළෙන් ඉවතට ගලා ගොස් ඇත. පසුගිය ජුනි 25 දින වෙළඳපොළ දර්ශක සාමාන්‍යයෙන් ඉහල ගිය ද විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 50.3ක ශුද්ධ විකුණුම් ප්‍රමාණයක් වාර්තා කරමින් දිගින් දිගටම තම කොටස් විකුණා දමා තිබේ.

ජනප්‍රිය පුවත්  ජෙරම්ගේ පුවරු ජනපති නියෝගයෙන්!

ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය දිගින් දිගටම දුර්වල වී තම ආයෝජන ඩොලර් බවට පත්කරගෙන රටින් පිටතට රැගෙන යාම විදෙස් ආයෝජකයින් පෙළඹීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. ආර්ථිකය වඩාත් අස්ථාවර බව පෙනෙන විට අවදානම් සහගත කොටස් විකුණා දමා රන් හෝ ඇමරිකානු ඩොලර් වැනි වෙනත් ආරක්ෂිත ආයෝජන කරා යොමුවීම ද මීට බලපා තිබේ.

මේ වන විට ඇමරිකාන් ඩොලරයේ උපරිම විකුණුම් මිල රුපියල් 341.88 ලෙස වාණිජ බැංකු විසින් දක්වා ඇතත් උන්ඩියල්, හවාලාවැනි කළු වෙළඳපොලේ (Black Market) ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 350 -355 ත් අතර අගයක පවතී. එනම් බැංකුවල විකුණු මිල වඩා කළු වෙළඳපොළේ රුපියල් 10ත්-15ත් අතර අගයක වර්ධනයක් පවතින බවයි. මෙමගින් බැංකු හරහා විදේශ විනිමය හුවමාරුවීම සීමා කර කළු වෙළඳපොළ හරහා විදේශ විනිමය හුවමාරුවීමේ ප්‍රවණතාව වැඩි වේ. එමෙන්ම වැඩිපුර තමන් කරා විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමට බැංකු ද තරඟකාරීව ඉහළ විකුණුම් මිලක් විදේශ විනිමය සඳහා ලබාදීමට පෙළඹේ.

ඒ අනුව වර්ධනය වන මේ තත්ත්වය මත කොළඹ කොටස් වෙළඳපොලේ විදේශීය ආයෝජන අගය මේ වන විට සෘණ අගයක් හිමිකරගෙන තිබේ. 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් රුපියල් බිලියන 34කට අධික ශුද්ධ කොටස් ප්‍රමාණයක් විකුණා සිය ධනය පිටතට රැගෙන යාමට තරම් බරපතළ තත්ත්වයකට මේවන විට පත්ව තිබේ

ජනප්‍රිය පුවත්  සලේට එරෙහිව ශානි අටවපු “රොකට් ලොන්චර්” උගුල මෙන්න !

මේවන විට දෛනිකව රුපියල් මිලියන 50 ත් 300ත් අතර අගයන්ගෙන් යුත් කොටස් විදෙස් ආයෝජකයන් විසින් අඛණ්ඩව විකුණා දමමින් සිටී. විදෙස් ආයෝජකයින් තම ආයෝජන ගෙන ඒම වෙනුවට, තමන් සිදුකළ ආයෝජන අතහැර දැමීම දිගින් දිගටම වර්ධනය වෙමින් තිබේ. මේ හේතුව මත වත්මන් කොටස් වෙළඳපොළ පිරිවැටුමෙන් (Turnover) විදේශීය ආයෝජකයන්ගේ දායකත්වය සෘණ අගයක් දක්වා පහත වැටී තිබේ. එනම් එය 5%ත් 10%ත් අතර ඉතා ම අඩු මට්ටමකට පහත බැස ඇති බවයි. කොටස් වෙළඳපළේ වත්මන් පිරිවැටුම් දායකත්වයෙන් 90%ත් 95%ත් අතරින් අති මහත් බහුතරයක දායකත්වය ලබා දෙන්නේ දේශීය ආයෝජකයන් විසිනි එනම්, බැංකු රක්ෂණ සමාගම් අරමුදල් ආදියයි.

මෙම තත්ත්වය පාලනයට නතු නොවන ආර්ථික වියවුලක ප්‍රබල පෙරනිමිති බව මූල්‍ය විශේෂඥයන්ගේ මතය වේ.

  • ප්‍රභාත් නිරිඇල්ල –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x