සජිත් බියෙන් !
1 min read
සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අත්අඩංගුවට ගැනීමත් සමඟ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද බලවත් භීතියකට පත්ව සිටිතැයි, එම පක්ෂ ආරංචි මාර්ග අණාවරණය කරයි.
සජිත් ප්‍රේමදාස සම්බන්ධව ද පූර්ණ ලෙස පරීක්ෂණ පවත්වා අවසන්ව ඇති චෝදනා දෙකක් තිබේ. පසුගිය කාලය තුළ රවී කරුණානායක මන්ත්‍රිවරයා ව්‍යාපාරික ධම්මික පෙරේරා හරහා ජනාධිපති අනුර කුමාර විටින් විට මුණගැසී සුහදතාව ඇති කරගෙන තිබුණත්, මෑතක දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ රවී කරුණානායක ඇතුළු චූදිතයන්ට, මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව පොදු දේපොළ පනත යටතේ නඩු විභාගය අඛණ්ඩ පවත්වාගෙන යාමට ය. ජනාධිපතිවරයා සමඟ ඇතිකරගන්නා අවබෝධය හෝ මිත්‍රකම කිසිවකුට රැකවරණයක් සලසන්නේ නැතැයි යන මතය රවී කරුණානායක මුහුණ දුන් එම සිදුවීමත් සමඟ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා තුළ මතු වී තිබේ. මේ හේතුව මත රවී කරුණානායක ද පෙර නොවූ විරූ අයුරින් රනිල් හා සජිත් එකතුකිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී.
දැනට ජනාධිපතිවරයා සමඟ ඇතිකරගෙන තිබෙන අවබෝධය පරිදි කටයුතු කළතත්, ඔහුට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී අදාළ චෝදනා යටතේ තමන් අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ඇතැයි මේ අනුව සජිත් ප්‍රේමදාසගේ විශ්වාසය වී ඇත. ඒ හේතුව මත ඔහු මේ දිනවල සිටින්නේ බලවත් ලෙස බියට පත්ව බව එම පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දේ.
- නාමිණී පරණවිතන –
