June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“… සර්පයා දුටුවෙහි ද ?”

1 min read

මේ ඡායාරූපයේ ඉන්නා සැඟවුණු අමුත්තා කවුද?

සැඟවුණු අමුත්තා සෙවීමට මේ සිංහල අලුත් අවුරුදු කාලය නොවේය. ඒත් මෙහි සිටින සැඟවුණු අමුත්තා හඳුනාගැනීම කාට කාටත් කොයි කාලයටත් හොඳය.

මෙහි සිටින පිරිස මේ ඉන්නේ මොරටුව රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් දේවස්ථානය ඉදිරිපිට මිදුලේය. ඒ, කසුන් දිසානායකගේ සහ ලීසා මෙන්ඩිස්ගේ විවාහයට අදාළ ආගමික චාරිත්‍ර ඉටුකර, රැස්ව සිටි දෙපාර්ශවයේ නෑදෑ හිතවතුන් නික්ම යනවිට ඔවුනට සමුදීම සඳහා ය. එදා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර ද තරමක් පරතරයක් ඇතිව ඔහුගේ බිරිඳ ද මෙහි සිටින්නේ කසුන් දිසානායක මේ දෙදෙනාගේ පුතු නිසාය. එහෙත් අප ඔබට හඳුනාගන්නයැයි කී සැඟවුණු අමුත්තා මේ කිසිවකුත් නොවේ. අනුර කුමාර සහෝදරයාගේ ආදරණීය බිරිඳට පිටුපසින් සිටින්නේ අප ඔබට සොයාගන්නටයැයි කියූ සැඟවුණු අමුත්තාය. ඒ අන් කිසිවකුත් නොව, ආනන්ද විජේපාල ය. නැතහොත් ආනන්ද විජේපාලන් ය.

අනුර කුමාර කෘෂිකර්ම ඇමතිධූරය දරන ලද චන්ද්‍රිකාගේ පාලන කාලයේ ඇමැති අනුරගේ පෞද්ගලික ලේකම් වූයේ මේ ආනන්ද විජේපාලන් ය. 2015 වසරේ පිහිට වූ “යහපාලන” ආණ්ඩුව මහාපරිමාණ දුෂණ හා වංචා සෙවීම සඳහා කැබිනට් අනුමැතියක් සහිතව පිහිට වූ “දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ” අධ්‍යක්ෂක ධුරය හිමිවූයේ ද මේ ආනන්ද විජේපාලන් ට ය. එදා ජ.වි.පෙ. නායකයා වූ අනුර කුමාර සිටියේ දූෂණ විරෝධී කමිටුවේ තීරණ ගන්නා ඉහළම දේශපාලන උපදේශක සභාවේ (High-Level Anti-corruption committee) ‍ප්‍රධානියකු වී “දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ” අධ්‍යක්ෂක ලෙස ආනන්ද විජේපාලන් පත්කිරීමට යෝජනා කළේද අනුර කුමාර ය.

ජනප්‍රිය පුවත්  උවිඳුගේ බෝම්බය!

ජ.වි.පෙ. නායක අනුර කුමාර ජනාධිපති වීමෙන් පසුව, තම පුද්ගලික ලේකම් ලෙස ද පත්කරගත්තේ ආනන්ද විජේපාලන්ව ය. පසුව පැවැති මහමැතිවරණයෙන් පසුව, ජනාධිපති අනුර ආනන්ද විජේපාලන්ට දුන්නේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමතිකමය. ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ සිදුකෙරෙන එකම සංවර්ධන ව්‍යාපෘතිය වූ “හොරු ඇල්ලීම” සිදු කෙරෙන්නේ ද ආනන්ද විජේපාලන් යට‍තේය. 2024 මහමැතිවරණයෙන් පසු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස පත් කළේද මේ ආනන්ද විජේපාලන්ය. ඇමතිකමට අමතරව ඔහු ඒ තණතුරද දරන්නේය.

මේ ඡායාරූපයේවත්, මේ හා සම්බන්ධ අන් ඡායාරූපවලවත් ආනන්ද විජේපාලන් හැර, වෙනත් දන්නා කියන කිසිවකු දක්නට ඇත්තේ නැත. එයින් පෙනෙන්නේ බොහෝ සේ අප්‍රකටව කෙරෙන වැඩකට ජනාධිපති අනුර කුමාර විශ්වාසය තබා සම්බන්ධ කරගන්නේ වෙනින් කවුරුවත් නොව මේ ආනන්ද විජේපාලන්වම බවය.

ජනාධිපති අනුර කුමාරගේ පාලනයේ තණතුරු දෙකක් දරන එකම එක කෙනා මොහුය. ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැතිකමට අමතරව, ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී (Chief Of Staff) තණතුර යන දෙකය.

ප්‍රශ්නය වන්නේ, ආනන්ද විජේපාලන් ජ.වි.පෙ. විපක්ෂයේ ගත කළ දේශපාලනයේ දකින්නටවත් නොසිටි කෙනෙක් වීමය. එහෙම බැලූ විට, සුනිල් වටගලලා, ලක්ෂ්මන් නිපුනආරච්චිලා සහ තවත් බොහෝ අය කාලයක් තිස්සේ ජ.වි.පෙ. දේශපාලනය වෙනුවෙන් කට්ට කෑ පොරවල්ය. ඒ කිසිවකුට ජනාධිපති අනුරගෙන් ආනන්ද විජේපාලන්ට ලැබී තිබෙන තැන ලැබී නැත. අනුර යන්නේ කොතැනද එතන ඉන්නේ ආනන්ද විජේපාලන්ය. පල්ලියේ විවාහ වන පුතාගේ විවාහ දවසෙත් ළඟම ඉන්නේ ආනන්ද ය. කෘෂිකර්ම ඇමති වූ විට පෞද්ගලික ලේකම් වෙන්නෙත් ආනන්ද ය. යහපාලන කාලේ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක කරන්නෙත් ආනන්දවම ය. ජනාධිපති වූ පසුව පුද්ගලික ලේකම් කරන්නෙත් ආනන්දවම ය. ආනන්ද ‍මන්ත්‍රී වූ පසු හොඳම ඇමතිකමක් හා (ජනාධිපති අනුරගේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිය බාර අමාත්‍යාංශය) තම කාර්යමණ්ඩල ප්‍රධානී තණතුර ද දෙන්නෙත් ආනන්දටම ය. ජනාධිපති අනුර මෙහෙම විශ්වාසය තබා ඇති කවුරුවත් ආණ්ඩුවේ පැත්ත පලාතකවත් ඇත්තේ නැත. මේ “විශ්වාසය” පසුපස ඇති කතාව කුමක් විය හැකිද?

ජනප්‍රිය පුවත් 

දැනට කියන්නට තියෙන්නේ, සෙස්ස පස්සට කියාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x