June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේගෙන් ගන්නේ කුමන පලියක්ද?

1 min read

මම ජෙනරාල් සුරේෂ් සලේ ගැන ලොකුවට ලියන්න කියන්න නොගියේ ඇත්තටම ඔය විශය දැනුම මට නැති නිසා. හැබැයි දැන් වෙන දේ ඇහුවම මම හිතන්නේ නෑ පුරවැසියන් විදියට තව දුරටත් ඒක බලාගෙන ඉන්න ඕන කියලා.

⚔️සාලිය පීරිස් කියන විදියට හමුදා බුද්දි අංශ ප්‍රධානියාට මේ වගේ වද හිංසා දරාගන්න බැරිද?

🔫මුල්ම ප්‍රශ්නය වැරදිකරුවෙක් නොවී ලබ්බට දේවල් දරාගන්නේ?

හමුදාව කියන්නේ ඕනම රස්සාවක් වගේ ඉහලට යද්දී භූමියේ දුක්ඛිත ජීවත ගත නොකරන රස්සාව. මිනිස්සු කාලය එක්ක වෙනස් වෙනවා. සමහර පුරුදු අතාරිනවා වගේම සමහර දේවල් පුරුදු වෙනවා.

අපේ අතිගරු ජනාධිපතිතුමා , වසංත සමරසිංහ දෙන්නම කාලෙකට කලින් කෝච්චියේ වඩේ විකුණුවා කිව්වා නේ. දැන් වඩේ වට්ටිය ඔලුවේ තියලා දූවලා ගිහිල්ලා කෝච්චියේ එල්ලිලා විකුණපන් කිව්වොත් පුළුවන් ද? බෑ නේ. වයස එක්ක පුහුණුව නැතිකම එක්ක ඒ දේවල් වෙනස් වෙනවා.

මම හිතන්නේ සුරේශ් සලේ සෙකන්ඩ් ලෙෆ්ටිනන් ඉදලා ජෙනරාල් වෙනකම් එන්න ඇත්තේ. සාමාන්‍යයෙන් මේජර් වගේ ලෙවල් එකෙන් පස්සේ සෑහෙන්න පිරිසක් ඉදිරි ආරක්ෂක වලල්ලේ අඩුයි. බ්‍රිගේඩියර් වගේ රෑන්ක් වල අය යුද්දය සංවිධානය කරනවා මිසක තුවක්කුව අරගෙන වෙඩි තියන්න යන්නේ නෑ.

ජනප්‍රිය පුවත්  සමාජ මාධ්‍ය උමතුවෙන් ඩිජිටල් එල්ලුම්ගහට

ඒ තනතුරු වල අයට ඒවට අදාළ බුද්දිමය දැනුම, පුහුණුව මිසක ත්‍රස්තවාදීන්ට අහු උනාම දෙන වද වලට ඔරොත්තු දීලා රහස් ආරක්ෂා කරන්න පුහුණු කරන්නේ නෑ.

විශ්‍රාම ගිහිල්ලා ඉන්න එකෙක්ට ඔය මෙලෝ ලබ්බක් නෑ. කොටින්ම සරත් ෆොන්සේකාට නිදාගන්න ඇදක්, මෙට්ට, ෆෑන්, ඇටෑජ් බාතෲම්, ගෙදරින් කෑම, හමුදා රෝහලෙන් බේත් වගේ පහසුකම් දුන්න කියන්නේම ඔය ප්‍රශ්නය නිසා.

🍝හමුදාවේ ජෙනරල් කෙනෙක් කෑම කනවා කියන්නේ වෙනමම පැකේජ් එකක්. එහෙම හමුදාවේ ඉහල නිලධාරීන් එක්ක බත් වේලක් නොකාපු අය තර්ක කරන්න යන්න එපා. ඔයාලා ඒක දන්නේ නෑ.

🪫💳‼️එහෙම මනුස්සයෙක්ට කොලේකට දාලා දෙන ගෝවා කොල එක්ක බත් කන්න පුළුවන් ද?

ඒක අතාරිමුකෝ. කොලේකට බත් දාලා දුන්නම අතට අරගෙන කන්න බෑ. බිම දිගා වෙලා බල්ලෙක් වගේ කන්න ඕන. එහෙම කරන්න අධිකරණය වැරදි කරුවෙක් කරලද? අඩුම නඩුවක් අහලද?

💣මේ පාස්කු බෝම්බ සිද්දියට අදාළ පරීක්ෂණ වාර්තා සෑහෙන්න ගානක් තියෙනවා. දේශීය වගේම විදේශීය. ඒ කිසිම එකක ජෙනරාල් සලේ ගැන සටහනක් සම්බන්ධයක් නෑ.

කරුණු විදියට උනත් 2008. සලේ මැලේසියවේ හිටියා කියන්නේ මවුලානා කියනවා පුත්තලමේදී සලේ මුනගැහුනලු සහරාන්. ඔය කියන වෙලේ සහරාන් ලංකාවේ වගේම දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව සහරාන් වයඹ පලාතේ නෑ. කොටින්ම ඒ අවුරුද්දෙම ආවේ නෑ කියනවා.

ජනප්‍රිය පුවත්  මහබැංකු අධිපති කියන බොරු - මූලික උද්ධමනය ගැන මෙන්න ඇත්ත

අඩුම ජෙනරාල් සලේ මැලේසියාවෙන් පිට උනේ නෑ කියලා ඒ රට පවා කියනවා කියලා වාර්තාව තියෙනවා.

🔴ඔය දේශපාලන ගේම් එකට මේක කොහොම හරි කාගේ හරි ඇගේ ගහන්න ඕන කියලා අපිට තේරෙනවා. නැත්නම් මහමොලකරු කියලා එකෙක් හෙව්වා කියන්න බෑ නේ.

🟢හැබැයි ISIS වෙනුවෙන් දිවුරුම් දීපු, තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් උන සහරාන්ලා වගේ හාදයෝ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මරාගෙන මැරුනා කියන්න එපා.ඒක සහරාන්ට හොදත් නෑ.

හැබැයි මම ඕක ගොඨාභය රාජපක්ෂ පිටින් යවන එකට විරුද්ධ නෑ. මොකද ගෝඨාභය රාජපක්ෂ ඔය පුඩිය කන්නේම ජයශ්‍රීමහා බෝධියේ දිවුරුම් දීලා, තනි සිංහල ආණ්ඩුව කියන එක නිසාමයි.

ඔය මගුල් නිසා ජාතිවාදීන් කියලා අහගත්තා මදිවට දැන් ත්‍රස්තවාදී කිව්වට කමක් නෑ. ඔය මිනිස්සු රට වෙනුවෙන් කරපු දේවල් හෑල්ලු කරන්න බෑ නැතුව

⬛️හැබැයි ඔය හැමදේම නඩු අහලා අධිකරණය හරහා කරන්න. වෙන වෙන ක්‍රම පාවිච්චි කරන්න එපා.
මොකද මේක කැරකෙන පොඩි රවුමක්. බෝලේ වතුර යට ඔබනවට වඩා වේගෙන් උඩට එනවා.

මම කියන්නේ මුස්ලිම්වරුන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු ත්‍රස්තවාදියාගේ අප්පා විදියට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ඉදපු ඊබ්‍රාහිම්ට උනත් ලැජ්ජ ඇති දරුවා මලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න කිව්වම.

ජනප්‍රිය පුවත්  අප කන දේ නිෂ්පාදනය කළ යුතුයි - ඊබ්‍රහිම් ට්‍රොරේ

අර සහරාන් ඉන්න ගියපු කන්‍යාවියෝ දන්නවා නම් මේ හදන කතා ඕකට වම් පයින් ගහන්නේ. හැබැයි දැන් නම් අවුරුදු ගානක් ගියපු නිසා උන් කන්‍යාවියෝ නෙවෙයි වෙන්න ඇති.

මේ 1988 /89 කාලය නෙවෙයි. 2026 ලෝකේ හෙන ශිෂ්ඨයි මේ කාලේ. මිනිස්සුන්ට මානවහිමිකම් සිරකරුවන්ගේ අයිතිවාසිකම් වගේ දේවල් ලෝකයම පිලිගන්නවා.

අද බලයෙන් පිස්සු වැටිලා කරන දේවල් හෙට කැරකෙද්දී ගෝවයි බතුයි කන එක උනත් පිගානක කන්න පුළුවන් විදියට දැන්මම යටිතල පහසුකම් හැදුවා නම් හොද නැද්ද මම අහන්නේ..

  • ලිලන්තක ආර්. ජයතුංග –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x