June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විමල් වීරවංශගේ මාධ්‍ය ලේකම් අත් අඩංගුවට !

1 min read

විමල් වීරවංශ නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමති වශයෙන් කටයුතු කරන ලද සමයේ ඔහුගේ මාධ්‍ය ලේකම්ව සිටි ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රසාද් මංජු අද (5) පස්වරුවේ FCID ය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශණ කොට්ඨාශය මගින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, විමල් වීරවංශ අමාත්‍යවරයා ඉහත ඇමැතිධූරය දරන ලද සමයේ සිදුකළායැයි කියන වාහන අවභාවිතාව පිළිබඳ චෝදනාවකට අදාලවය.

මේ අතර, එම චෝදනාවට අදාළවම FCID ය විසින්, විමල් වීරවංශ උක්ත ඇමතිධූරය දරන සමයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි ප්‍රදීප් විජේසේකර හා සරත් වීරවංශ යන අයව ද අත් අඩංගුවට ගෙන දින දෙකක් රඳවා තබාගෙන ප්‍රශ්න කර, පසුව උසාවියට ඉදිරිපත් කිරීමට අධිකරණය මගින් අවසර ලබාගෙන තිබේ.

කොටුව මහේස්ත්‍රාත් උසාවිය මගින් ලබාගත් එකී අවසරයට අනුව අද (05) අත් අඩංගුවට ගත් ප්‍රසාද් මංජු FCID පරිශ්‍රයේම රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ඇතැයි පැවසේ.

  • ජටිල තීක්ෂණ උඩුවරගෙදර –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x