June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිලින්ද රාජපක්ෂ අත් අඩංගුවට ?

1 min read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසන සංවිධායක හා එහි ප්‍රධානියකු වූ මිලින්ද රාජපක්ෂ පසුගිය දා නෝර්වේ ඔස්ලෝ නුවර දී මුණගැසී ඇති රාජා බාලසිංහම් නොහොත් යෝගරාජා බාලසිංහම් ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම යන චෝදනාව යටතේ ලංකාවට පැමිණීම තහනම් කර තිබෙන පුද්ගලයකු බව අණාවරණය වේ. විශේෂතාවය වන්නේ 2014.03.21 දාතම සහිත එම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත්තේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වීමය.

මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇති පුද්ගලයන්ට දේශීයව හා ජාත්‍යන්තරව දැඩි නීතිමය හා මූල්‍ය සීමාවන්ට යටත් වීමට සිදු වේ. එම ලැයිස්තුවේ නම් සඳහන් පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් ය. එමෙන්ම, ලංකාවේ සිටින පුද්ගලයන්ටද එවැන්නකු සමඟ මූල්‍ය ගනුදෙනු සිදුකිරීම ද තහනම් ය.

මේ තත්වය යටතේ මිලින්ද රාජපක්ෂ රාජා බාලසිංහම් නොහොත් යෝගරාජා බාලසිංහම් සමඟ මූල්‍ය ගනුදෙනු සිදු කර තිබේද යන්න ගැන මෙරට රහස් පොලීසිය පරීක්ෂණයක් අරඹා තිබේ. එහි ආරංචි මාර්ග කියා සිටියේ මේ පිළිබඳ කරුණු සොයා බැලීමෙන් පසු අවශ්‍යවෙතොත් මිලින්ද රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවය.

  • සඳමාලි වීරසිංහ
ජනප්‍රිය පුවත්  හර්බි සල්ලි යෙද වූ ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙන්න!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x