September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආර්ථිකයේ ඉදිරි දැක්ම අවිනිශ්චිතයි — මහ බැංකුව කියයි

1 min read

මැදිකාලීනව ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳ ඉහළ අවිනිශ්චිතතා පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. භූ දේශපාලනික ප්‍රවණතා, වෙනස් වන දේශීය හා විදේශීය තත්ත්ව මෙන්ම දේශගුණික අවදානම් මගින් ඇතිවිය හැකි බලපෑම්, මේ ඉහළ අවිනිශ්චිතතාවට හේතුව බවද මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (13) රාත්‍රියේ නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ (2026 අගෝස්තු) මේ බව සඳහන් වෙයි.

මැද පෙරදිග කලාපයේ යළිත් වර්ධනය වී ඇති භූ දේශපාලනික අර්බුද, ගෝලීය බල ශක්ති වෙළෙඳපොළ, වෙළඳ ප්‍රවාහ, සැපයුම් දාම සහ ආයෝජක විශ්වාසය කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බවත්, එහි වක්‍ර බලපෑම් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි ද අහිතකර ලෙස බලපෑ හැකි බව ද එම වාර්තාවේ තවදුරටත් දැක් වේ.

  • ශ්‍යාම් නුවන් ගනේවත්ත
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x