June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඔස්මන්ගේ ලොක්කා ටිල්වින් ! හිටපු බුද්ධි නිලධාරී කීර්ති හෙළිකරයි !

1 min read

මීට මාස කිහිපයකට පෙර ගණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොලකරු ලෙස පොලීසිය විශ්වාස කළේ නීතිඥ කුමාරි අබේරත්න වුවත්, එම ඝාතනයේ සැබෑ මහ මොලකරු වන්නේ ගම්පහ ඔස්මන් බවත්, හිටපු බුද්ධි නිලධාරියකු වන කීර්ති රත්නායක අණාවරණය කරයි. ඔහු තම මුහුණු පොතේ තබා ඇති සටහනක් මගින් මේ බව අණාවරණය කර තිබේ. ඒ අතරම ගම්පහ ඔස්මන් ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ගෝලයෙකු බවද ඔහු එහි සඳහන් කර ඇත.

අදාළ සටහන පහත දැක්වේ.

මීට මාස කිහිපයකට පෙර ගණේමුල්ලේ සංජීව ඝාතනයේ මහමොලකරු ලෙස පොලීසිය සැලකුවේ නීතිඥ තමරා කුමාරි අබේරත්නය.

පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව එම ස්ථාවරයේ සිටින විට මෙම ලියුම්කරු ඊට වෙනස් ස්ථාවරයක සිටියේය.

https://www.facebook.com/share/p/18cCFUfqAK

ගනේමුල්ල සංජීව ඝාතනයේ මහ මොලකරු ගම්පහ ඔස්මන් බව මෙම ලියුම්කරු හෙළිදරව් කළේය.

එම හෙළිදරව්වෙන් දින දහයකට පසු ගම්පහ ඔස්මන් අත්අඩංගුවට පත්විය.

තවද, සංජීව ඝාතනයේ මහමොලකරු ඔස්මන් බව ඔප්පු විය.

එම ඝාතනය සඳහා ඔස්මන්ට STF සහාය ලැබී ඇති බව හෙළිදරව් විය.

එපමණක් නොව, පද්මේගේ පාතාල කණ්ඩායමේ ඉහල අණ දෙන්නා, ඔස්මන් බව ඔප්පු විය.

ජනප්‍රිය පුවත්  ගම්මන්පිලට එරෙහිව ICCPR පනත යටතේ පරීක්ෂණයක්! CID ය උසාවියට දන්වයි

ඊයේ, තමරා කුමාරි අබේරත්නට PTA යටතේ කටයුතු නොකරන බව CIDය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මේ ආකාරයෙන්ම ඉදිරියේදී තවත් ඝාතනයක සැබෑ තතු හෙළිවීමට නියමිතය.

මීට පෙර කජ්ජා ඝාතනය බැර කළේ නාමල් රාජපක්ෂගේ ගිණුමටය.

නමුත් කජ්ජාගේ ඝාතනය මෙහෙයවා ඇත්තේ ද ඔස්මන් විසිනි.

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන්නේ බැකෝ සමන්ය.

ඔහු පද්මෙලා සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ අයෙකි.

එනම් බැකෝ සමන්ගේ ඉහල අණ දෙන්නා ගම්පහ ඔස්මන්ය.

ගම්පහ ඔස්මන්, ටිල්වින් සමග ඉතා කිට්ටුවෙන් වැඩ කරන අයෙකි.

කජ්ජා ඝාතනය වූයේ 2025 පෙබරවාරි 18 දිනය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ 2025 මැයි 6 දිනය.

සැබවින්ම කජ්ජා එම මැතිවරණ ප්‍රචාරණයේ බිලිබෝයි කෙනෙකු විය.

එනම් කජ්ජා මුලින් යූටියුබ් නාලිකාවකට ගොස් රාජපක්ෂලාට එරෙහිව දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.

එම උණුසුම පිට කජ්ජා ඝාතනය විය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඝාතනයේ වගකීම රාජපක්ෂලාට බැර විය. ඒ අතරතුර මැතිවරණය පැවැත්විය.

කජ්ජාගේ ඝාතනය මෙහෙය වූයේ බැකෝ සමන්ය. ඔහු ගම්පහ ඔස්මන්ගේ ගෝලයෙකි. ගම්පහ ඔස්මන් ටිල්වින්ගේ ගෝලයෙකි.

මේවා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහ දේශපාලඥයන් ප්‍රශ්න නොකිරීම ඛේදවාචකයකි .

ජනප්‍රිය පුවත්  රනිල්ට ඇප

Keerthi Ratnayake

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x