June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාව මුදල් කාරක සභාවට

1 min read

ඔස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත භාරදී තිබේ.

එම කාරක සභාව ඊයේ (04) රැස්වූ අවස්ථාවේදී එය සියලු සාමාජිකයින් වෙත ලබාදීමට කටයුතු කළ බව එහි සභාපති හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එම වාර්තාව පරිශීලනය කර ලබන සතියේදී ඒ සම්බන්ධයේ මුදල් ලේකම්වරා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද මන්ත්‍රීවරයා කියාසිටියේය.

මහා භාණ්ඩාගාරය විසින් මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ නිවසට එවනු ලැබූ අවස්ථාවේදී ඔහු එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඊයේ (03) නැවතත් හරවා යැවූ බව සඳහන්ය.

වාර්තාව තමාගේ නිවසට නොව පාර්ලිමේන්තුවට බාරදිය යුතු බව පවසා මෙසේ හරවා යැවීමට ඒ මහතා කටයුතු කළ බවට තොරතුරු වාර්තා විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x