June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චම්පක වෙනුවෙන් භික්ෂු සංවිධානයක් ! කීනියාවල පාලිත හිමි බරටම වැඩ

1 min read

චම්පක රණවක ඉදිරි ජනාධිපතිවරණයකදී “පොදු අපේක්ෂකයා” ලෙස හංවඩු ගසා ඉදිරිපත් කිරීමත්, ඒ සඳහා අනුබලය සපයන භික්ෂු ව්‍යාපාරයක් බිහිකිරීමත් අරමුණු කොටගෙන විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) නුගේගොඩ පිහිටි පූජ්‍ය කීනියාවල පාලිත හිමියන් වැඩ සිටින නාලන්දාරාමයේදී පැවැත් වී තිබේ.

ජී.ඇල්. පීරිස්ගේ බලවත් ඉල්ලීම පරිදි මෙම සාකච්ඡාවට කැඳවනු ලැබ ඇත්තේ කීනියාවල පාලිත හිමිය. ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවිදි පක්ෂයට ආරාධනා කර තිබේ.

අදාළ සාකච්ඡාව කැඳවනු ලැබුවේ වර්තමානයේ දී බුදු සසුනට එල්ල වී ඇති තර්ජනය හමුවේ ගත යුතු පියවර ගැන තීරණය කිරීමට වුවත්, ජී.ඇල්. පීරිස් හිටපු අමාත්‍යවරයා විසින් සාකච්ඡාව “අධිකරණයේ ස්වාධීනත්වය” හා ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට හෙළීම පිළිබඳ කාරණයට වෙනස් කර තිබේ.

මෙම සාකච්ඡාවට කීනියාවල පාලිත හිමිගේ ආරාධනයෙන් ස.ජ.බ., එ.ජා.ප., සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, ජන රජ පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ආදී පක්ෂවල ප්‍රධානින් ද, ගලබොඩඅත්තේ ඥානසාර හිමිගේ ආරාධනාවෙන් භික්ෂූන් වහන්සේලා රැසක් ද සහභාගි වී සිටියහ.

මේ පිළිබඳව අප කළ විමර්ශනයෙදී අණාවරණය වූයේ, මේ ඉතා ශූක්ෂම අයුරින් පාඨලී චම්පක ඉදිරි ජනාධිපතිවරණයට ඔසවාගෙන ඒම යටි අරමුණ වශයෙන් තබාගත් භික්ෂු ව්‍යාපාරයක් බිහි කිරීම අරමුණු කරගත් ව්‍යායාමයක් බවයි. ඔවුන්ගේ සැලැස්ම වී ඇත්තේ ගලබොඩඅත්තේ ඥානසාර හිමි අභ්‍යන්තර සංවිධායකයා ලෙස තබාගෙන, පිටතට වෙනත් පිළිගැනීමක් ඇති භික්ෂූන් වහන්සේලා යොදාගනිමින් මෙම භික්ෂු සංවිධානය පිහිටුවීමට නියමිතව තිබෙන බවය. ඒ සඳහා අවශ්‍ය මුදල් චම්පක රණවක මගින් හා නිමල් ලංසා මගින් සම්පාදනය කිරීමට නියමිතව තිබේ.

ජනප්‍රිය පුවත්  හරිනි ඉල්ලා අස්වනු! ජ.වි.පෙ.න් බලපෑම්

පාටලී චම්පක රණවකට අමතරව, කතෝලිකයකු වූ නිමල් ලන්සා ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියේ ඒ අනුවය. කෙසේවෙතත්, එම රැස්වීමට සහභාගී වූ ඇතැම් පක්ෂ නායකයන්ද, බොහෝ භික්ෂූන්වහන්සේලා ද ඊට සහභාගි වී ඇත්තේ මෙම යටි සැලැස්ම ගැන අවබෝධයෙන් තොරවය.

මේ අතර, කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රධානින් ද චම්පක රණවක එසැවීමේ කාර්යයට දායකවනමෙන් විපක්ෂයේ විවිද ප්‍රධානින්ගෙන් ඉල්ලීම් සිදු කර ඇත. අනුර කුමාර අසමත්වන තත්වයකදී එම කාර්යය ඉදිරියට ගෙනයාම සඳහා සුදුසු ආදේශකය චම්පක රණවක බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. මිලින්ද මොරගොඩ ද මෙම කාර්යය වෙනුවෙන් අභ්‍යන්තරව ක්‍රියාත්මකව සිටින බව පැවසේ.

රජීව් විජේසිරි –

    Please follow and like us:
    Pin Share
    Subscribe
    Notify of
    guest
    0 Comments
    Oldest
    Newest Most Voted
    0
    Would love your thoughts, please comment.x
    ()
    x