June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අවුරුදු 5 ට අඩු දරුවන්​ගෙන් 1/5කට මන්දපෝෂණය

1 min read

වයස අවුරුදු පහට අඩු ශ්‍රී ලංකා​වේ දරුවන්​ගෙන් ප​​හෙන් එකක් පමණ මන්ද​පෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වි​​ශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවැසීය. මෙම මාසයේදී යෙදෙන ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (3 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව වාර්ෂික දරු උපත් ප්‍රමාණය අඩකින් පමණ අඩුවීම නිසා අනාගතයේ දී මානව සම්පත පිළිබඳ යම්කිසි අර්බුදයක් ඇතිවිය හැකි බවත්, යම් යම් ක්ෂේත්‍රවලට ආදේශ කිරීමට මානව සම්පත නොමැති විය හැකි බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

විෂම පෝෂණයේ ත්‍රිත්ව ආකාරයට අදාළව 2025 ජාතික පෝෂණ මාසයේ දත්තවලට අනුව වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට දහයයි දශම එකක් (10.1%) මිටි බවින්ද (Stunting) සියයට අටයි දශම හයක් (8.6%) කෘශ බවත් (Wasting) සියයට දහසයයි දශම එකක් (16.1%) අඩු බරින්ද (Under Weight) සියයට බින්දුවයි දශම පහයි හතක් (0.57%) අධි බරින්ද (Over Weight) යුක්ත බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

නිදහසින් පසුව ශ්‍රී ලංකාවට පෝෂණය අතින් ඉදිරියට යාමට නොහැකි වූ බවත්, මන්දපෝෂණය, අධි පෝෂණය හා ක්ෂුද්‍ර පෝෂණය යන විෂම පෝෂණ ත්‍රිත්වය හමුවේ මන්දපෝෂණය තුරන් කිරීම සඳහා පාසල් මට්ටමින් හා ආයතන මට්ටමින් වැඩසටහන් ගණනාවක් මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  සලේව බලන්න CIDයට ආ බිරිඳ රටටම කී කතාව

කුඩා කාලයේ මන්දපෝෂණයට ලක්වන දරුවන් වැඩිවියට පත්වූ පසුව ස්ථුලතාවට පත්වන බවත් ඒ අනුව මෙරට වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට හතළිස් හතක් (47%) සහ පිරිමි අයගෙන් සියයට තිහක් (30%) ස්ථුලභාවයට පත්ව ඇතැයි සමීක්ෂණවලින් හෙළිවී තිබෙන බවද ​​​හෙතෙම අනාවරණය කළේය.

මින් සියයට පහළොවක් (15%) පමණ කාන්තාවන් ද සියයට හයක් (6%) වන පිරිමින් පිරිසක් ද අධික ස්ථුලභාවයට පත්ව සිටින බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැවැසුවේය.

තවද අධික ස්ථුලභාවයට පත්වන අය දියවැඩියාව ඇතුළු ​රෝගාබාධ රැසකට ලක්වන බැවින් ශ්‍රී ලංකාවේ පෝෂණ තත්ත්වය හොඳ මට්ටමට ගෙන ඒම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.පාසල් දරුවන් මෙන්ම වැඩිහිටි අයද සිරුරට අහිතකර කෙටි කෑම වැඩි වශයෙන් ආහාරයට ගැනීමට පෙලඹී සිටින බැවින් පෝෂණීය ආහාර වෙත දරුවන් මෙන්ම සියලු දෙනා යොමු කිරීමේ අවශ්‍යතාවද ලේකම්වරයා අවධාරණය කළේය.

​මේ අතර පාසල්වල හා ආයතනවල ආපන ශාලාවලට පෝෂණීය ආහාර ලබාදීම, පෝෂණීය ආහාර ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම ඇතුළු මන්දපෝෂණය අවම මට්ටමට ගෙන ඒමට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය. තවද සිරුරට අහිතකර කෙටි ආහාරවල මිල ගණන් වැඩිකර මාළු ආදියේ මිල ජනතාවට ගත හැකි මට්ටමට ගෙන ඒමේ වැදගත්කමද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  පැරදුණු සමූපකාරවලට මාලිමාවේ හිතවතුන්! මාතර නොසන්සුන්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x