June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අත්‍යවශ්‍ය ඖෂධ 60 ක මිල වැඩි කරන්නැයි ඉල්ලයි

1 min read

මිල පාලනයට යටත්කර ඇති ඖෂධ වර්ග හැටෙහි මිල සියයට දහයකින්වත් (10%)ඉහළ දමන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්සට ඊයේ (03) ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.

එසේ නොවුණහොත් පවතින යුදමය වාතාවරණය යටතේ අඛණ්ඩව ඖෂධ සපයා ගැනීමට නොහැකිබව ඔවුන් එම ලිපියෙන් පෙන්වා දෙයි.

ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ ආනයනකරුවයන්ගේ කර්මාන්ත මණ්ඩලය මේ පිළිබඳව සාකච්ජාවක් සිදුකළ බවත් එහිදී මේ මෙම තීරණයට එළැඹි බවත් එම ලිපියේ සඳහන් කරයි.

2026 මැයි මාසයේ අවසානය වනවිට ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 334 ශත 24 ක් වූ බවද මෙම තත්ත්වය මත ඖෂධ මිල සංශෝධනයක් අවශ්‍ය බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය අවධාරණය කරයි.

ඖෂධ කර්මාන්තය පසුගිය මාස කිහිපය තුළ සැලකිය යුතු විදේශ විනිමය පාඩු අත්කරගෙන ඇති බවත් ඔවුන් මෙම තත්ත්වය යටතේ ඖෂධ සැපයීම අඛණ්ඩව සිදුකරන බවද ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය කියා සිටියි.

ඖෂධ සැපයුම් දාමයේ මිල වැඩිවීම සිදුකළ යුත්තේ ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමෙන් පසු දේශීය ඉන්ධන මිල ඉහළ යාම, වාහන හා රක්ෂණ ගාස්තු ඉහළ යාම, ඉන්ධන වැඩිවීමෙන් පසු විදුලි රථවාහන සහ බලශක්ති පිරිවැය ඉහළ යාම, රට පුරා බෙදා හැරීම සහ සැපයුම් පිරිවැය වැඩිවීම යන කරුණු මුල්කරගෙන බව ඖෂධ කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.

ජනප්‍රිය පුවත්  මාරාන්තික උපවාසයට දින 4යි! උපවාසයේ සිටි අයෙකු අදත් රෝහල්ගත කරයි

අත්‍යවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබාදීම සඳහා ඖෂධ මිල ගණන් ක්ෂණිකව සංශෝධනය කිරීම සහ ඖෂධ අලෙවි කිරීමේ අවම ලාභය සංශෝධනය කිරීමට ඇමැතිවරයාගේ මැදිහත්වීම අපෙක්ෂා කරන බවද ඖෂධ ආනයනකරුවයන්ගේ කර්මාන්ත මණ්ඩලය මෙම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x