සෞඛ්‍ය අමාත්යංංශයෙන් විශේෂ දින 03ක් ප්‍රකාශයට පත් කරයි
1 min read
දිවයින පුරා මදුරු මර්දන කටයුතු වඩාත් විධිමත් කිරීම සහ ඩෙංගු ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව එළඹෙන ජූනි මස 8 ජූනි මස 9 සහ ජූනි මස 10 යන දින තුන මදුරු මර්දන තෙදිනක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ රට පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ උපදෙස් මත ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඒකාබද්ධව මෙම විශේෂ වැඩපිළිවෙළ සංවිධානය කර තිබේ.
මෙම සුවිශේෂී දින තුන ඇතුළත රට තුළ මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම, මදුරු මර්දනය පිළිබඳව සමස්ත මහජනතාව සක්‍රීයව දැනුවත් කිරීම ඇතුළු විශේෂ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් රැසක් දිවයින පුරා දීපව්‍යාප්ත මට්ටමින් සිදුකිරීමට සැලසුම් කර ඇත.
