June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රටේ ආර්ථිකය තත්ත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

1 min read

මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ මට්ටමක පවතින බැවින්, දේශීය වෙළඳපොළේ තෙල් මිල පාලනය කර සහන ලබාදීමට උත්සාහ කිරීමෙන් මෙරට ආර්ථිකය තවදුරටත් දැඩි අර්බුදයකට ලක්විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අඟවයි.

රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අධිපතිවරයා පෙන්වා දුන්නේ පවතින තත්ත්වය හමුවේ උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි තීරණ ගත යුතු බවයි.

මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන පරිදි, මීට පෙර 1.6% ක්ව පැවති උද්ධමනය මේ වන විට 5.5% ක මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත. මුල් අවධියේදී යුද්ධය කෙටි කාලීන වනු ඇතැයි අපේක්ෂා කළද, එය දිගු වීම හේතුවෙන් ජාත්‍යන්තර තෙල් මිල ඉහළ මට්ටමක පවතින බව ඔහු සඳහන් කළේය.

“දැනට 5% මට්ටමේ පවතින උද්ධමනය, ඉදිරියේදී 7% දක්වා ඉහළ යාමේ අවධානමක් පවතිනවා” යැයි ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියද මෙරට පරිභෝජනයේ අඩුවීමක් දක්නට නොලැබෙන බව අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. පසුගිය මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවලදී මෙරට ආනයන වියදම අඛණ්ඩව ඇමරිකානු ඩොලර් බිලියන දෙක ඉක්මවා ගොස් ඇති අතර, මෙලෙස ඉහළ වියදමක් දරා තෙල් ආනයනය කරමින් අඩු මිලට ලබාදීම ආර්ථිකයට ඔරොත්තු නොදෙන බව ඔහුගේ අදහසයි.

ජනප්‍රිය පුවත්  විගණකාධිපති පත්කරන්න! ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවා පවතින තත්ත්වය හමුවේ මිල සංශෝධනයන් සඳහා ඉල්ලීම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය තවදුරටත් ඉහළ යාම වැළැක්වීම සඳහා මහ බැංකුව දැනටමත් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගෙන ඇති බව අධිපතිවරයා පැවසීය. මෙහි මූලික අරමුණ වන්නේ රට තුළ පවතින ඉල්ලුම පාලනය කිරීමයි. “අපි උත්සාහ කරන්නේ ඉල්ලුම පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කිරීමටයි. එසේ නොවුණහොත් පොලී අනුපාත තවදුරටත් වැඩි කිරීමට සිදුවනු ඇති” යැයි වීරසිංහ මහතා සඳහන් කළේය.

මුල් කාලීනව බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් තෙල් මිල ඉහළ මට්ටමක පැවතීම සහ සැපයුම් මාර්ගවල පවතින බාධා හේතුවෙන් මෙරට ආර්ථික කළමනාකරණය හමුවේ නව අභියෝග මතු වී ඇති බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x