June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගාස්තු ඉහළ නොදැමීම ගැන තීරණයක් ගැනීමට බස් සංගම් විශේෂ සාකච්ඡාවක් කැඳවයි

1 min read

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීම සඳහා බස් සංගම් නියෝජිතයින් අද (02) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුව පෞද්ගලික බස් ධාවනය ඉදිරියට කරගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.

මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ සියලුම බස් සංගම් නියෝජිතයින් සහභාගී වීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ ඔහු,

“අද අපේ නියෝජිතයින් සහ අනිත් සංගම් නියෝජිතයින් එනවා. විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ, අපේ කර්මාන්තය ඉන්ධන ප්‍රශ්නයෙන් කොහොමද බේරගන්නේ කියලා. ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ. ඒ අය යම් ප්‍රතිපත්තියක ඉන්නවා. කෙසේ වෙතත් දැන් මේ මොහොතේ කර්මාන්තය ගෙනියන්න, සියලු බස්හිමියන් එකහෙළා දැනුම්දෙනවා ධාවනයෙන් ඉවත් වෙන්න කටයුතු කරමු කියලා. කෙසේ වෙතත් අපි සංගමයක් විදියට ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලා අවසන් තීරණය අද දිනයේ දැනුම් දෙනවා.”

ජනප්‍රිය පුවත්  සජිත් දිල්ලියට කැඳවයි!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x