June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිනාසෙන මිනීමරුවා!

1 min read

මේ ඉන්නේ රංග දිසානායකය. කලින් විනිසුරුවරයකු වූ ඔහු දැන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ය. මේ රංග ජ.වි.පෙ නීති කමිටුවේ සාමාජිකයකුව සිටි බව කීවේ නන්දන ගුණතිලක ය. ඒ නන්දන දැන් ජීවතුන් අතර නැත.

මේ රංග රඟන්නේ අධි-මාත්‍රාවෙන් ය. එහෙත් ඒ බව රංග දන්නේ නැත. රංග නොදන්නා රංගගේ රංගනය අප දන්නේ ය. ඒ ගැන අප කියන්නේ, නොකියාම බැරි නිසා ය.

පසුගිය දා මරණයට ලක් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මරා දැමුවේ මේ රංග ය. රංග එම ශාපරාධී මිනිස් ඝාතනය සිදු කළේ වක්‍රාකාරයෙන් ය. වක්‍රාකාරයෙන් හෝ රංග සිදු කර ඇත්තේ ප්‍රාණ ඝාතනයක් ය.

කපිල චන්ද්‍රසේන මියයන්නට පෙර අධිකරණය හමුවට දුන් දිවුරුම් පෙත්සමෙන් කියවුණේ, “ලොකු රාජපක්ෂවයි, පොඩි රාජපක්ෂවයි මේකට පටලවනවා. එහෙම නොකළොත් තමුන්ට වෙන්නෙත් කෙහෙලියගෙ නඩුවට පැටලිලා දිවිනසාගත්ත මිනිහට වුන දේම තමයි” කියමින් රංග තමන්ට තර්ජනය කළ බවය. එම තර්ජනය නිසා තමන් කට උත්තරය දීමේ දී බොරු කී බවය.

කපිලගේ නීතිඥයා වූයේ අර්ස කුලරත්න ය. අර්ස කුලරත්න හා රංග ගජ මිතුරන් ය. රංගගේ ඉල්ලීම පරිදි අර්ස කුලරත්න කපිලව එක්තරා අරකට නැවුවේ ය. ඒ, තමන් එයාර්-බස් ගනුදෙනුවෙන් ලද මුදල් රාජපක්ෂලාට දුන් බව කීමට කපිල එකග වීමය. මේ බව අර්ස කුලරත්න රංගට දැන් වූ විට, ප්‍රීති ප්‍රමෝදයට පත් රංග කපිලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායැයි කියමින් වහාම කැඳවූයේ අල්ලස් කොමිෂම හමුවට ය.

ජනප්‍රිය පුවත්  කළුවරේ ජරමරේ

කපිල පැමිණ දුන් ප්‍රකාශයේ රාජපක්ෂලාගේ නම් කියවුණේ නැත. මේ නිසා මල පැන්න රංග කපිලට තර්ජනය කළේ, අප ඉහත දැක් වූ කපිලගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන්ව තිබූ අන්දමට ය.

කලක් ගත වීමෙන් පසුව කපිලට ඇප ලැබුණි. ඒ ගැන රංගට සතුටක් තිබුනේ නැත. කපිලව නැවත “ඇතුලට” දැමීම සඳහා රංග කළේ කපිලට ඇප ලබා දීමට පැමිණ ඇත්තේ කුලියට ගත් පුද්ගලයන් දෙදෙනකු බව මහේස්ත්‍රාත්වරයාට දැනුම්වත් කිරීම ය. රංග එය කළේ උසාවියේ පහළ නිලධාරිනියක හරහා ය.

විනිසුරුවරයා, ඒ බව පොලීසියට දන්වන ලෙස අදාල නිලධාරිනියට නියෝග කලාය. පොලීසිය කළේ ඒ දැනුම්දීම අනුව ව්‍යාජ ඇපකරුවන් අත් අඩංගුවට ගෙන උසාවි නියෝගයකින් සිරගත කිරීම ය. මේ අවබෝධය මත සිටි විනිසුරු හමුවට, අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමේ නිලධාරින් ගියේ කපිල අධිකරණය නොමඟ යැවූ බව කියමින් ඇප අවලංගු කරන ලෙස ඉල්ලන්නට ය. රංගට උවමනා වී තිබූ අයුරින්ම විනිසුරුවරයා කපිලගේ ඇප අවලංගු කර, අත් අඩංගුවට ගෙන උසාවිය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

ජනප්‍රිය පුවත්  හිඟන පිටරැටියා!

රංගගේ හැටි දැනන් සිටි කපිල මානසිකව වැටුණේ බින්දුවටමය. අරවින්ද ද සිල්වා පොලීසියට පැවසූ පරිදි ඔහු පත්ව සිටියේ නඩුව අවසන් වන තුරුම ඔහුව බන්ධනාගාරයේ තබාගනු ඇතැයි යන බියෙන් කපිල පසු වූ බවය. නැවත ඒ “අපායට” යා නොහැකියැයි සිතූ කපිල ජීවිතයට සමුදුන්නේය. එහෙත්, පසුගිය 19 වැනි දා අධිකරණය හමුවේ අණාවරණය වූයේ කපිලට ඇප දීමට කැප වූ පුද්ගලයන් දෙදෙනා අරවින්ද ද සිල්වාගේ ව්‍යාපාරික ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු බව ය. එසේ නොමැතිව, කුලියට ගන්න‍ෙයැයි කියූ මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනා කපිලගේ ඇපයට අත්සන් කර තිබුණේ නැත. එවිට මතු වූ ප්‍රශ්නය වූයේ, මේ ව්‍යාජය නිමවා, කපිලගේ ඇප අවලංගු කරන තැනට උසාවිය පත් කළේ කවුද? යන්නය. ඒ පට්ට මෙහෙයුම ‍කළේ වෙනින් කවුරුවත් නොව, රංග දිසානායක ය.

රංග කළේ උසාවියේ පහළ සේවිකාවක මගින් පට්ට බොරුවක් විනිසුරුගේ කන තැබීමය. ඒ බොරුව පිළිගත් පොලීසිය කුලී ඇපකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය. රංගගේ බොරුව පිළිගත් විනිසුරුවරයා කපිලගේ ඇප අවලංගු කළේය. අත්අඩංගුවට ගෙන උසාවිය හමුවට ගෙන එන ලෙස ද නියෝග කළේය.

ජනප්‍රිය පුවත්  පටේ පට්ට !

රංගට උවමනා වූයේ කපිලව බියට පත් කරන්නටය. මානසිකව බින්දුවට වට්ටන්නටය. රංගට උවමනා තත්වයට කපිල ඇද වැටුණේය. කපිල තෝරා ගත් විසඳුම තම ජීවිතයට සමුදීමය. රංග රංගගේ සතුට උදාකරගත්තේය’

අපට අනුව, මේ රංග මිනීමරුවෙකි. මිනීමැරීමට අනුබල දී තිබෙන්නෙකි. ලේ තැවරුණු මෙවන් මුග්ධයකු අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමේ අධ්‍යක්ෂක ජනරාල් පුටුවට හරියන්නේ නැත.

රංගගේ පළමු විවාහය අසාර්ථක වූවාට කපිල පලි නැත. එයට වගකිවයුත්තේ රංග ම ය. ජීවිතයේ “ඇරියස්” ඇති හිපාටුවකු ඒවා කවර් කර ගන්නට යන්නේ මේ අයුරින්නම් ශිෂ්ඨ සම්පන්න සමාජය එයට ඉඩ දිය යුතු නැත. මිනීමරුවකුට නඩු ඇසිය හැකිද? ලේ තැවරුණු ගහලයකුට නිදහසේ හැසිරෙන්නට ඉඩ දිය යුතුද? රංග මානසික උමතුවකින් පෙළෙන පිස්සෙකි. මේ පිස්සා නටන අන්දම දෙස බලා සිටින්නට අල්ලස් හෝ දූෂණ කොමිෂමේ සභාපතිලා ඉන්නේ බම්බු ගහන්න ද?

රංගගේ මිනීමරු රංගනය නිමා කළ යුතුය. තවත් ජීවිත බිලිගන්නට මේ අපතයාට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා යුක්තිගරුක මිනිසුන් පෙරමුණ ගත යුතුය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x