සජිත් සමඟ සිටින සුළු පක්ෂ අද රෑ රනිල් හමුවේ !
1 min read
සමගි ජන පෙරමුණ තුළ නියෝජනය වන සුළු ජාතික පක්ෂ නායකයන් අද රෑ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ දී හමුවීමට නියමිතය.
වර්ධනය වන ආර්ථික අර්බුදය නොවැලැක්විය හැකි ලෙසම දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීම දක්වා ව්‍යාප්ත වන බැවින්, ඒ පිළිබඳව සාකච්ඡා කර ගත යුතු පියවර පිලිබඳව අදහස් ඵල කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව පැවසේ.
මේ සඳහා රවුෆ් හකීම්, රිෂාඩි බදුර්දීන්, මනෝ ගනේෂන්, දිගම්බරම් ආදී සුළු පක්ෂ නායකයන් රැසක් සහභාගි වනු ඇතැයි පැවසේ.
කෙසේ වෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සර්ව පාක්ෂික සමුලුවක් කැඳවන්නැයි ජනාධිපතිවරයාට යෝජනා කිරීම, අනවශ්‍ය ක්‍රියාවක් ලෙස සජිත්ගේම පක්ෂයේ නායකයන් සහ මෙම සුළු පක්ෂ නායකයන් අතර පිලිගැනීමක් තිබේ. ඒ ආදි අසතුට ද රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කිරීමට ඔවුන් පොළඹවා තිබේ.
- ගාමිණී රණතුංග –
