June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තෙල් මිල වැඩි කරන්නේ ලබන 25 !

1 min read

ආණ්ඩුව ඉන්ධන මිල ඉතා ඉහල අගයකින් වැඩි කිරීමට තීරණය කර ඇත්තේ ලබන 24 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රී 12 න් පසුව, එනම් 25 වැනි සඳුදා සිට ක්‍රියාත්මකවන පරිදි බව ඛනිජ තෙල් සංස්ථා අමාත්‍යාංශ ආරංචි මාර්ග අණාවරණය කරයි. වැඩි කිරීමට නියමිත මෙම මිල ගණන් ඉතා ඉහල අගයකින් යුක්ත බවද එම ආරංචි මාර්ග සනාථ කරයි.

කොළොන්නාව තෙල් පිරිපහදුව 24 වැනිදා සිට වසා දැමීමට මේ වන විට ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඉන්ධන බෙදා හැරීම ද පූර්ව දැනුම්දීමකින් තොරව 24 වැනිදා සිට අත්හිටුවීමට ද බලධාරින් විසින් තීරණය කර ඇත.

මෙම ඉන්ධන මිල ඉහල දැමීම සමඟ, ලබන මස මුල වන විට විදුලිය ගාස්තු තවත් වටයකින් අධික ලෙස ඉහල දැමීමට ද ආණ්ඩුව තීරණය කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දීමට නියමිත ඩො.මි. 300 ක ණය ලබා ගැනීමටනම් මෙකී මිල ඉහල දැමීම සිදු කිරීමට ආණ්ඩුව බැඳී සිටී.

  • තරිඳු මුණවීර –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x