June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

1 min read

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Barakah න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

අබුඩාබි මාධ්‍ය කාර්යාලය සඳහන් කර ඇත්තේ මෙම ඩ්‍රෝන යානය බලාගාරයේ අභ්‍යන්තර ආරක්ෂක කලාපයට පිටතින් පිහිටි විදුලි ජනක යන්ත්‍රයක ගැටී ඇති බවය.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් බලාගාරයේ මෙහෙයුම් කටයුතුවලට හෝ විකිරණ ආරක්ෂණ මට්ටම්වලට කිසිදු බලපෑමක් සිදුව නොමැති අතර කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව එම කාර්යාලය වැඩිදුරටත් තහවුරු කර තිබේ.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ප්‍රකාශ කර සිටියේ තමන් මෙම තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරන බවය.

මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැත.

නමුත් ඉරානය සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ, සිය බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානය ප්‍රහාර එල්ල කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මීට පෙර චෝදනා කර තිබුණි.

පසුගිය පෙබරවාරි 28 වෙනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් ආරම්භ වූ යුදමය තත්ත්වයත් සමඟ, ඉරානය විසින් අමෙරිකානු හමුදා කඳවුරු පවතින එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල සිවිල් සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් වරින් වර ප්‍රහාර එල්ල කරනු ලබයි.

ජනප්‍රිය පුවත්  කටාර් LNG නිෂ්පාදනය තාවකාලිකව නවත්වයි - ඉන්දියාවේ ගෑස් සැපයුමට දැඩි බලපෑමක්!

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නාවික මෙහෙයුමක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වන මෙවැනි ප්‍රහාර ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x