June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පටේ පට්ට !

1 min read

බිමල් වනාහී වර්තමානයේ ප්‍රවාහන හා මහාමාර්ග ඇමති ය. මේ ඡායාරූපයේ ඉන්නේ අනං මනං නැති බිමල් ය.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී බිමල්ම කියූ පරිදි බිමල් දුප්පත්කම අත්විඳලාම නැත. දුප්පත්කම දැනිලා ද නැත. ඒ අතින් බිමල් පට්ට ය.

බිමල්ගේ නෝනා සමන්මලී ය. කවුද මන්දා විශ්ව විද්‍යාල ඇදුරකු ප්‍රසිද්ධියේ කියා සිටියේ පේරාදෙනිය සරසවියේ ඉගෙනගන්නා කාලයේ සමන්මලී පොල් ලෙලි ගැසූ බව ය. ඒ, කණිෂ්ඨ වසර වල සිසුවියන් තම නේවාසික කාමරයේ හිර කරගෙන තබා ගනිමින් ය.

බිමල්ගේ නෝනාට අනුව ආණ්ඩුව පට්ට ය. ඒ පට්ට ආණ්ඩුව දැන් අපේ රට පට්ට තැනකට ගෙනැවිල්ලා ය. ඒ පට්ට තැනකට ගෙනැවිත් ඇති රටේ ප්‍රවාහන ඇමති ද පට්ට ය. දුප්පත්කම කවදාවත් අත්විඳ නැති බිමල් දැන් මේ කරන්නේ “දුප්පත්කම” අත්විඳින්නට ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරතවීමය. ඇත්තටම ඒ වැඩෙත් පට්ට ය.

දුප්පත්කම අත් විඳිය යුත්තේ ද සීරු මාරුවට ය. පොදු මඟී ප්‍රවාහන දුම්රියේ වූව යා යුත්තේ “පීක් ටයිම්” එකේ නොවේය. යා යුත්තේ වැඩිය සෙනඟ නැති වෙලාවට ය. හොඳට සුව පහසුව වාඩි වී දුප්පත්කම අත් විඳිය හැක්කේ එවිට ය. ඒ අතින් නම් බිමල් පටේ පට්ට ය.

ජනප්‍රිය පුවත්  හරිනිගේ ඇරිල්ල

දුප්පත්කම දැකලවත් විඳලවත් නැති පට්ට බිමල්ට දුප්පත්කම ගැන වටහා ගැනීම සඳහා කළ හැකි දේ බොහෝ ය. මේ අන්දමට මගී ප්‍රවාහන දුම්රියේ ගමන් කරන අතර තුර ඒ ගැන ද ඔහු කල්පනා කරනවා විය යුතුය. කොයි විදිහකට හරි අපට උවමනා වන්නේ බිලියනපති බිමල් දුප්පත්කම ගැන අවබෝධය ලබා ගැනීමය. ඒ සඳහා, ඒකක 180 ට වඩා වැඩි විදුලිය පරිභෝජනය කරන කඩේකට ගොස් තේ එකක් බීමට ද බිමල්ට හැකි විය යුතුය. එහෙත් එය කළ යුත්තේ ලබන මාසය තුළය. ඒ, අදාළ විදුලිය බිල ඒ කඩේ හිමියාගේ අතට පත්වීමෙන් පසුවය. එවිටනම්, දුප්පත්කමේ ප්‍රතිචාරය කොපමණ සැහැසිදැයි බිමල්ට හොඳටෝම වැටහෙනු ඇත. සමන්මලීට අනුව පට්ට විදියට වැටහෙනු ඇත.

ඒ ඡායාරූපය එදාට අපට ලැබුනොත් අපට ඇතිවන්නේ පට්ට “ලල්” එකක් ය. බිමල් සමන්මලීට පමණක් නොව අපට ද පට්ට ය. නිකම් පට්ට නොව පටේ පට්ට ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x