June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මනූෂගේ සොයුරා සමග රට රැකියා වංචාකළ කතක් ඩුබායි සිට රැගෙන එන බව පොලිසිය කියයි

1 min read

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර නානායක්කාර සමග එක්ව ෆින්ලන්තයේ රැකියා සදහා යොමු කරන බව පවසා පුද්ගලයින් 48 දෙනෙකුගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියේ සැකකාර කාන්තාව ඩුබායි සිට මෙරටට රැගෙන එමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර තිසර ඉරෝෂණ නානායක්කාර ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා එක අයකුගෙන් රුපියල් ලක්ෂ 40 බැගින් වූ මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබු පැමිණිල්ලක් මත මිට ඉහතදී ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර තිබු අතර පසුව අධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබිය

මනූ­ෂගේ වත්කම් බැර­කම් පිරි­ක්සයි

මේ අතර හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දුන්නේය.

ඔහුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම ට අවසර ලැබිණි.

ජනප්‍රිය පුවත්  තුන්දෙනාගේ පුනරුද කැබිනට් එකත් රටට කෝටි 64ක් පාඩු කරලා ! ආනන්ද පාලිතගෙන් බරපතළ හෙළිදරව්වක් !

මුදල් විශුද්ධීකරණ පනත යටතේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව විමර්ශනයක් ආරම්භ ඇති බවක් 2011, 2013, 2015 සහ 2022 යන ව‍ර්ෂවලට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය

‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නමැති සංවිධානයක් විසින් සිදු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x