ගල් අඟුරු හිඟයි ! ඉදින දින 57 අනතුරේ !!
1 min read
ඉදිරි කාලය තුළ විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු සපයා ගැනීමේ බරපතළ අර්බුදයක් මතුව ඇතැයි සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති ශ්‍යාම් පතිරාජ මහතා පවසා සිටී. එමෙන්ම මෙම හේතුව මත ඉදිරි දින 57 ක කාලය තුළ ගිගාවොට් පැය 150 ක පමණ විදුලි හිඟයක් ඇති වනු ඇතැයි ද ඔහු අවධාරණය කරයි.
පතිරාජ මහතා පෙන්වා දෙන්නේ විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත ලබා දුන් දත්තවල සත්‍යතාව පිළිබඳ බරපතල සැකයක් පවතින බවයි. ගිගාවොට් 150 ක පමණ වන පවත්නා සැබෑ විදුලිය ජනන හිඟය වසා ගැනීම වැරදි තොරතුරු ලබාදීමෙන් කළ නොහැකි බවද ඔහු පෙන්වා දේ. පවතින ගල් අඟුරු තොග සීඝ්‍රයෙන් අවසන් වෙමින් පවත්නා අතර හදිසියේ ඇණැවුම් කරන ලද අතිරේක ගල් අඟුරු නැව් 5 ම මෙරටට ලැබෙනු ඇතිද යන්න පිළිබඳව ද ඔහු සැක ඵල කරයි. දැනට එළඹ ඇති වාරකන් කාලය හේතුකොටගෙන ඉදිරියේ දී එම නැවු වලින් ගල් අඟුරු ගොඩබෑම අසීරු වේ.
මෙම හේතුවෙන් ඇතිවන විදුලි හිඟය සහ පිරිවැය ඉහළ යාම මත ඉදිරි මාස 3 ක් වැනි කෙටි කාලයක් තුළ නැවත වරක් විදුලිය ගාස්තු ඉහල දැමීමට බලධාරින් පියවර ගනු ඇතැයි ද ඒ මහතා පවසනු ලබයි. එමඟින් මෙරට සමස්ත නිෂ්පාදන පද්ධතියම හා ව්‍යාපාර දරුණු අභියෝගයකට මුහුණ දීම වැලැකිය නොහැකැයි ද ඔහු පවසා සිටි.
– රාජිකා නල්ලපෙරුම –
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.