ටිං ටිං ගේ කතා වස්තුව – පස් වැනි කොටස
1 min read
ටිං ටිං සමග සුවසේ කාලය ගත කළ සුභා තිරයෙන් නොපෙනී ගියේ කුමන හේතුවක් මන්දැයි කිසිවෙකු දන්නේ නැත. ඉන් අනතුරුව ටිං ටිං උත්සාහ කළේ සමාජවාදී කාන්තා සංගමයේ ප්‍රධානී දිමුතුවම තම දැලට පටලවා ගන්නට ය. ටිං ටිං හොට පටලවා ගත්තේ එහිදී ය.
දිමුතු ද පිරිමියකු සේ ජීවත්වීමට කැමති තරුණියකි. ඇය අඳින්නේ පළඳින්නේ එලෙසය. දිමුතු සාමාන්‍ය කාන්තා ගති ලක්‍ෂණ ප්‍රකට නොකළේ ඇය රැඩිකල් කාන්තාවක් ලෙස පෙනෙන්නට ය. කොපමණ රැඩිකල් පෙනුමක් තිබුණද ඇයද තරුණියක් – කාන්තාවක් විය. “ගුණ්ඩා” මේ බව දැන සිටියාය. ටිං ටිං ටත් වඩා ගුණ්ඩා ශූක්ෂමය. “ගුණ්ඩා” එලියෙන් පට්ට විප්ලවවාදී ඇතුලතින් පට්ට සෙල්ලක්කාර චරිතයක් වූයේය.
දිමුතු තම දුක කීවේ “ගුණ්ඩා” ටය. “ගුණ්ඩා” ද දේශපාලන බල මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයකු විය. අවසානයේ ගුණ්ඩාට දුක කීමට ගිය දිමුතු ගුණ්ඩාගේ ප්‍රේමවන්තිය බවට පත් වූවාය.
දිමුතුට එය ප්‍රශ්ණයක් නොවුනේ ටිං ටිං ට වඩා “ගුණ්ඩා” විප්ලවකාරී වීරයකු ලෙස පෙනෙන නිසාය. ඒ හින්දා ඒ සම්බන්ධතාව ඉමහත් ආශ්වාදයෙන් යුතුව පවත්වාගෙන යාමට දිමුතුට ඕනෑකමක් තිබුණි.
කලක් ගතවීමේදී දිමුතු ද ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභිකාවක බවට පත් වූවාය. ඇය සතුව මහත් චින්තන ශක්තියක් වූයේ නැත. එහෙත් ඇය ඉමහත් කැපවීමෙන් දේශපාලන අරමුණ උදෙසා ක්‍රියා කරන “සහෝදරියක්” වූවා ය.
විප්ලවකාරී දේශපාලනය මුහුණ දෙන බුද්ධිමය පරස්පරය මෙය ය. ලොව දියුණු විප්ලවකාරී පක්ෂවල නායකත්ව මණ්ඩල ප්‍රබල චින්තන ධාරිතාවකට හිමිකම් කියනවුන්ගෙන් පිරැවුණි. එහෙත්, 1994 න් පසුව ජ.වි.පෙ. නියෝජනය කළේ ඒ උරුමය නොවේ. චින්තන ධාරිතාවයෙන් තොර වුවත්, ඉමහත් කැපවීමෙන් වැඩ කරන අයව ජ.වි.පෙ. නායකත්ව මණ්ඩලයට ගෙන ඒම එහි නායකයන්ගේ ක්‍රමය බවට පත්විය.
එලෙස එහි නායකත්ව මණ්ඩලය පිරැවුණු කළ, ඒ අළුත් නායකයින්ට තමන්ගේම වූ ස්වාධීන චින්තන ධාරිතාවක් හෝ එමගින් ඇතිවන කියැවීමක් හෝ නැති නිසා ඔවුන් පෙළඹුණේ තමන් විශ්වාස කළ නායකත්ව ප්‍රතිරූපය ගන්නා ස්ථාවරය නියෝජනය කිරීමටය. ඒ අනුව දිමුතුගේ විශ්වාසය ගුණ්ඩා විය.
ටිං ටිං දිමුතුගේ මේ “මනස” දැන සිටියේ නැත. ඒ නිසා එකමත් එක දවසක ටිං ටිං දිමුතුටද බලහත්කාරයෙන් “ඩිස්ටි ඩිඩිං” කළේය. එය දිමුතු බාරගන්නේ සිය ජීවිතය අත් විඳි නරකම අත්දැකීමක් ලෙසය. ඇය එය සතුටින් බාර ගත්තේ නැත.
ඇය මේ දුක වැමෑරුවේ ගුණ්ඩා ට ය. ගුණ්ඩා ඇයට කීවේ ලිපියක් ලියන ලෙසය. ඒ, පක්ෂයේ නායක, ඒ වන විට විදෙස්ගතව සිටින සෝමවංශ අමරසිංහට ය. ගුණ්ඩා කී පරිදිම දිමුතු ලිපිය ලිව්වේය. එහි තමන් මුහුණ පෑ ඛේදජනක අත්දැකීම ද, ඉන් පසුව තමන් පත්ව සිටිය පීඩාකාරී මනෝභාවයද එම මනෝභාවය තුල තමන් කෝච්චියට බෙල්ල තබා සියදිවි නසා ගැනීමට සිතූ අන්දමද, ටිං ටිං නිසා තම කුසේ වැඩෙනා දරු ගැබ පිළිබඳව ද එම ලිපියෙන් ඇය සෝමවංශ අමරසිංහට අණාවරණය කළාය.
දිමුතුගේ මේ ලිපිය එකල පැවති දේශපාලන මණ්ඩලයට කිසිවකුත් ඉදිරිපත් කළේ නැත. එහෙත්, දිමුතු දේශපාලන මණ්ඩලයට සහභාගි වූයේ ද නැත. ඇය ඊට සහභාගී නොවන්නේ ඇයිදැයි කෙනෙකු විමසූ විට කාගෙන්වත් පිළිගතහැකි පිළිතුරක් ලැබුණේද නැත. මෙලෙස උත්තරයක් නැති අමුතුම කාල පරිච්ඡේදයක් ඉන් පසුව ගත වූවේය.
එක්තරා දවසක, සෝමවංශ අමරසිංහ දේශපාලන මණ්ඩලයට එවන ලද ෆැක්ස් පණිවුඩයකින් යෝජනා කර තිබුණේ දිමුතුව චීනයට යැවීමට ය. ඒ, ඇයට ඒ වන විටද හිතවත්ව සිටි චීන කාන්තාවක් හරහා, කිසියම් අධ්‍යයන කටයුත්තකට ය. එම ෆැක්ස් පණිවුඩයෙන් කියවුනේ එය අවුරුද්දක් ගතවන වැඩසටහනක් බවය. මේ ලිපිය පිටුපස තිබෙන “සැඟවුණු කතාව” නොදන්නා ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභිකයන් කිසිවකු මීට විරුද්ධ වූයේ නැත. ඒ අනුව දිමුතු “අතුරුදහන්” විය. සැවොම සිතා සිටියේ දිමුතු ඉන්නේ චීනයේ යැයි කියාය.
සෝමවංශ අමරසිංහ ටිං ටිං ගේ අවකල් ක්‍රියාව වටහා ගත් නමුත්, ඔහු බැලුවේ සාශනයයි පඬූ හැලියයි දෙකම බේරා ගන්නටය. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ස්ත්‍රී ලෝලියෙකු ලෙස අණාවරණය වුවහොත් යළි ජ.වි.පෙ. ගොඩනැගීම කළ නොහැක්කක් වනු ඇතැයි සෝමංශ සිතුවේය. එමගින් හානිය සිදුවන්නේ ටිං ටිං පමණක් නොව මුළු මහත් ජ.වි.පෙ. ටමය. එබැවින් සාශනයයි පඬූ හැලියයි දෙකම බේරා ගැනීමට ක්‍රම සහ විධි සෝමවංශ විසින් සොයනු ලැබුවේය. චීනයේ වසරකට ගමනක් කියා කීවාට සිද්ධ වූයේ මාස 3 ක පමණ ගමනක් පමණී.
දිමුතුට ටිං ටිං ගෙන් දරුවකු ලැබීමට තිබුණි. ඒ නිසා ඇයට චීනයට යාමට හැකියාවක් නැත. ටිං ටිං කළේ දිමුතුව බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ සිටන රේණුකා නැමැති අයගේ ගෙදර දිමුතුව නැවැත්තීම ය. රේණුකාගේ පවුලේ අය, ගාල්ලේ දී ක්ෂණික විහිඳුම් බලකායෙන් (RDF) මැරුම් කෑ දීපිකා මුතුහෙට්ටිගේ පවුලේ නෑදෑයන්ය. පක්‍ෂයෙන් කී පමණින් ඔවුන් දිමුතුව බලා කියා ගත්තාය. දිමුතුගේ දරුවා ඉපදුනේ ඒ ගෙදර සිටියදීය.
ඉන් අනතුරුව ඇය චීනයට ගියාය. අර දරුවාට වූයේ කුමක්දැයි මේ ලියුම්කරු දන්නේද නැත. දිමුතුද ඒ ගැන දන්නේදැයි අප දන්නේ නැත. සෝමවංශ අමරසිංහ ජ.වි.පෙ. න් ඉවත්වන්නට පෙර ටිං ටිං ලා ගැන විවේචන දරා සිටිය කාලයේ “මාලන්” නැමැති ජ.වි.පෙ. ඉදිරිපෙළ නායකයකු සමග මෙසේ පවසා තිබේ.
“එයා ගැහැණියක් දිහා බැලුවම ඇඳුම විනිවිද යන්නෙ…”
එයා යනු, ටිං ටිං ය.
තවත් වැඩි විස්තර ඉදිරියට ය.