September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

1 min read

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී, මහා විහාර වංශික ආචාර්ය පූජ්‍ය පුස්සැල්ලාවේ සෝමසිරිසද්ධම්ම නායක හිමියන් අවධාරණය කරන්නේ, මෙම උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම බෞද්ධ උරුමයන් විනාශ කිරීමේ අත්තනෝමතික ක්‍රියාවක් බවයි.

ප්‍රාදේශීය සභාව විසින් විහාරාධිපති හිමියන් වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ, විහාර භූමිය තුළ “පොදු මාර්ගයක” බාධක පවතින බවත්, ඒවා 2026 මැයි මසට පෙර ඉවත් කර මාර්ගය විවෘත කිරීමට කටයුතු කළ යුතු බවත්ය.

කෙසේ වෙතත්, අමරපුර නිකාය පෙන්වා දෙන්නේ 1959 මිනුම්දෝරු සිතියම් හෝ 1971 නගර සැලසුම් සිතියම්වල මෙවැනි මාර්ගයක් පිළිබඳ කිසිදු සටහනක් නොමැති බවයි.

2019 වසරෙන් පසුව එම ප්‍රදේශයේ පදිංචි වූ පිරිස් විසින් විහාර භූමිය වටා ඇති මාර්ගය භාවිතා කරනවා වෙනුවට, විහාර භූමිය මැදින් ගමන් කිරීමට හුරු වී ඇති බවත්, එය කිසිසේත්ම නීත්‍යානුකූල පොදු මාර්ගයක් නොවන බවත් මහා ලේඛකාධිකාරී හිමියෝ පෙන්වා දෙති.

ජනප්‍රිය පුවත්  හිරු ට එරෙහිව පියවර ගන්න – පොලිසීය| ජනතාවගේ අයිතියට බලපෑම් එපා – හිරු

2024 වසරේදී මිනුම්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද විශේෂ මිනුම් කටයුතුවලදී ද විහාර භූමිය හරහා මාර්ගයක් නොමැති බව තහවුරු වී ඇත.

මෙම ගැටලුව හේතුවෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවත්, ඒ පිළිබඳව පොලිසිය විසින් ද වාර්තා කර ඇති බවත් ලිපියේ සඳහන් වේ.

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් සහතික කර ඇති පසුබිමක, රජයේම ආයතනයක් වන ප්‍රාදේශීය සභාව මෙලෙස කටයුතු කිරීම ජාතීන් අතර සහජීවනයට ද බාධාවක් බව උන්වහන්සේ පවසති.

මෙම නීති විරෝධී ක්‍රියාවලියට සම්බන්ධ වන නිලධාරීන් 1969 අංක 22 දරන සිවිල් වැරදි පිළිබඳ වගකීම් පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පුද්ගලිකව වගකීමට බැඳී සිටින බව ද අමරපුර නිකාය අනතුරු අඟවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් අදාළ ලිපියේ පිටපත් රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, බුද්ධ ශාසන අමාත්‍යවරයා සහ උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ද යොමු කර තිබේ.

ජනප්‍රිය පුවත්  ජපානයේදී ජනපති විකුණයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x