September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

”මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්..” – වෛද්‍ය වසන්ත බණ්ඩාර

1 min read

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එය නොහැකි වූ විට එවකට කතානායක යොදා ගනිමින් ප්ලෑන් B ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ බවත් ඉන්පසුව රනිල් වික්‍රමසිංහ යොදාගනිමින් ප්ලෑන් C ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා පවසයි.

ආණ්ඩුව යොදා ගනිමින් විදේශ බලවේග ඔවුන්ගේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයන බවත් සඳහන් කරන ඒ මහතා එට්කා සහ සෝෆා ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වැනි පාවාදීම් ඉදිරියේදී ආණ්ඩුව සිදුකිරීමට බොහෝදුරට ඉඩඇති බවත් සඳහන් කරයි.

එමෙන්ම දකුණේ පළාත් සභා පවත්වන බවට ව්‍යාජව සඳහන් කරමින් එසේ නොපවත්වා උතුර සහ නැගෙනහිර පළාත්වල පමණක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ද බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ මහතා මෙහිදී අනාවරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x