August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිගමනට සමුදෙයි

1 min read

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.

නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අලුත්ගම ලෙව්වන්දූවේ ග්‍රාමිය පවුලක උපත ලද නන්දා මාලනිය මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ ජනාදරයට පත්වු කෘතහස්ථ ගායන ශිල්පිනියකි.

සරසවි සම්මාන 12ක් , ජනාධිපති සම්මාන 10ක් දිනාගෙන ඇති විශාරද නන්දා මාලනිය මෙරට සංගීතයට කළ සේවය ඉමහත්.

ශ්‍රේෂ්ඨ ගුරුවරියක් වු නන්දා මාලනිය 1984 වසරේ දී සංගීත විශාරද උපාධිය සමත්වුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන රන්මුතු දුව චිත්‍රපටයෙන් චිත්‍රපට ගායනය ආරම්භ කළ විශාරද නන්දා මාලනිය ගලන ගගකි ජිවිතේ ගීතය මෙරට ජනහදවත් තුළ අතිශය ජනප්‍රියත්වයට පත්වුණි.

බුදුසාදු,/ සන්නාලියනේ , පෙරදා මහරෑ , පහන්කන්ද , මාලට රේණු , නිලම්බරේ වැනි ගීත මෙන්ම පවන ගී එකතුවෙන් ද මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ ඇය ඉතා ජනප්‍රියත්වයට පත්වුණි.

රී ලාංකීය සංගීතයේ අනන්‍ය වූ ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් නන්දා මාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවකි.

ජනප්‍රිය පුවත්  දේවානිටත් හිමි තනතුරු අහිමිවෙයි.. වෙන කාටවත් මෙහෙම කරන්න එපා! දේවානි ආණ්ඩුවෙන් ඉල්ලයි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x