August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේන පවුලේ ගජ මිතුරා රනිල්ගේ වටේ කැරකේ !

1 min read

දේවගැති, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ වැඩිමහල් පුතු දමිතු පද්මන් සූරසේන හා බාල පුතු චමත් සූරසේනගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු ලෙස හා එම පවුලේ සමීප හිතවතකු ලෙස කටයුතු කරන නීතිඥ ශිවාන් කුරේ, 5 වැනි වීදියේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයට පසුගිය දිනවල කීපවතාවක්ම පැමිණ හිටපු ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කර තිබේ.

නීතිඥ ශිවාන් කුරේ යනු ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි, විවිධ ප්‍රමුඛ පෙලේ සිවිල්, වාණිජ සහ දේශපාලනික නඩු කටයුතු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකි. අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ ඉහත සඳහන් පුතුන් දෙදෙනාම නීතිඥ ශිවාන් කුරේගේ කනිෂ්ඨ නීතිඥයන් ලෙස ක්‍රියා කරති. එම බොහෝ නඩු කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණය තුළ විභාගයට ගැනෙන ඒවා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) කමිටු සාමාජිකයන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩු විභාගයකදී ද ශිවාන් කුරේ සමඟ සහායක නීතිඥයන් ලෙස මේ සොහොයුරන් දෙදෙනා ක්‍රියා කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ පුතුන් දෙදෙනා සහායක නීතිඥයන් ලෙස තබා ගැනීම මගින් තමන්ට නඩු විභාගයේ දී හා තීන්දුදීමේ දී හිමිවන විශේෂ සැලකිල්ල ලබාගැනීම ශිවන් කුරේගේ අපේක්ෂාව වේ. මෙය නීති ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙන මාතෘකාවක් වී තිබේ.

ජනප්‍රිය පුවත්  ඉහළ විනිසුරු විශ්‍රාම දිගුවට නීතිඥ සංගමය එරෙහි වේ !

මීට අමතරව, දේවගැති, අගවිනිසුරුවරයාගේ පවු‍ලේ සමීප මිතුරකුද වන නීතිඥ ශිවාන් කුරේ, මෑතක සිට හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන හරහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සමීප සබඳතාව ඇති කරගෙන තිබේ. වජිර අබේවර්ධන හරහා මෙම සබඳතාව ඇති කරගැනීමට ශිවන් කුරේ කටයුතු කරමින් ඇත්තේ අගවිනිසුරු, දේවගති සූරසේන පිළිබඳ මෘදු ආකල්පයක් හිටපු ජනාධිපතිවරයා තුළ ඇති කරනු පිණිස බව පැවසේ.

ජනාධිපති අනුර කුමාරගේ පාලනයේ දිගුකාලීන පැවැත්ම පිළිබඳව ඇති වී තිබෙන අවිනිශ්චිත බව හා 22 වැනි සංශෝධනයක් සමග සූරසේන ඉලක්කකරගත් චෝදනා බරපතළ ලෙස එල්ලවීම හේතුකොටගෙන, සූරසේන පවුලේ ආරක්ෂිත පියවරක් ලෙස නීතිඥ ශිවාන් කුරේ හිටපු ජනාධිපතිවරයා වෙත සමීප වී ඇතැයි අපගේ ආරංචිමාර්ග පෙන්වා දේ.

  • දිදුල ඊරියගොල්ල
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x