September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රධාන ජලාශ 73හි ජල මට්ටම 63%කින් පහළට

1 min read

ප්‍රධාන ජලාශ 73 හි සමස්ත ජලධාරිතාවය සියයට හැට තුනකින් පහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් කරයි. අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ප්‍රධාන ජලාශ 18 ජලධාරිතාවය සියයට 25 වඩා අඩු මට්ටමක් දක්වා පහළ ගොස් තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු ඒච්.ඒම්.පී.ඒස්.ඩී.හේරත් පැවැසීය.

හම්බන්තොට මුරුතවෙල ජලාශය සියයට 2.4ක් අනුරාධපුර මානන්කට්ටිය ජලාශ සියයට 2.8ක් දක්වා ජලධාරිතාවය පහළ ගොස් ඇත. අම්පාර සේනානායක සමුද්‍රය සියයට 18.8ක්, අනුරාධපුර පදවිය සියයට 23.6ක්, බදුල්ල නාගදීප ජලාශය සියයට 12.3ක් සහ මොරාන ජලාශය සියයට 18.1ක් දක්වා පහළ ගොස් තිබේ.

මඩකලපුව උන්නිච්චිය ජලාශය සියයට 12.7ක්, හම්බන්තොට වෙහෙරගල සියයට 18.7ක්, ත්‍රිකුණාමලය මොරවැව ජලාශය සියයට 9.7ක් දක්වා ජලධාරිතාවය පහළ ගොස් තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 09 හි සමස්ත ජලාධාරිතාවය සියයට 22.‍9ක් දක්වා පහළ ගොස් තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04 හි සියයට 25.8ක්, ත්‍රිකුණාමලය ප්‍රධාන ජලාශ 05හි සියයට 28.0ක් දක්වා පහළ ගොස් තිබෙන අතර උපරිම ජලධාරිතාවය සියයට 76.6ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10 හි ගබඩා කරගෙන ඇත.

ජනප්‍රිය පුවත්  පාතාල මිනීමැරුම් එක දිගට

කෙසේ වෙතත් පානීය ජලය සැපයෙන ප්‍රධාන ජලාශවල ජලධාරිතාවය ඉදිරි වැසි දක්වා ප්‍රමාණවත් වනු ඇති බවත් ජලය උපරිම ලෙස කළමනාකරණය කර ගැනීමට පියවර ගතයුතු බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x