September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“තව පරම්පරා 7 කට වෙන ආණ්ඩු නෑ !” – ඇමති එරංග

1 min read

තව පරම්පරා 7 කට වෙන ආණ්ඩු නැති බවත් පෙනෙනතෙක් මානයක මැතිවරණ නොමැති බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර විසින් පවසා ඇත. ඔහු එසේ පවසා ඇත්තේ, පසුගිය දා කොළඹ දී පැවති ජන හමුවක දී ය.

“පෙනෙනතෙක් මානයක ඡන්දයක්වත් මොකක්වත් නෑ. ඒ වගේම ආණ්ඩුවට මොකක්හරි මාර අභියෝගයක් ඇවිල්ල නෑ. එහෙම එකක් පැත්ත පලාතකවත් පේන්න නෑ. ඒ නිසා ඔයගොල්ලන්ගෙ මූනවල් ටික ආයෙ ඉතින් පරම්පරා 7 ක්ම මේ ආණ්ඩුවම තමයි. වෙන මොකක්වත් ආයෙ එන්නෙ නෑ…” ඔහු එහි දී ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රකාශයට සමාන ප්‍රකාශ පසුගිය කාලය පුරා විවිද අමාත්‍යවරුන් විසින් ප්‍රකාශ කරන ලද අතර, දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත්තේ මෙය ආණ්ඩුවේ සාමූහික මනස ප්‍රකාශයට පත්වීමක් වශයෙනි. කවර ක්‍රියාවන් හෝ සිදුකර තමන් ලද බලය දිගුකාලීනව පවත්වාගෙන යාමේ ජ.වි.පෙ. තුළ වන බලපෙරේතකම මෙමගින් විද්‍යාමානවන බව ඔවුන්ගේ මතය වී තිබේ.

විරුද්ධ පක්ෂය ද, මහා සංඝරත්නය ද, හමුදා බුද්ධි අංශ හා ආරක්‍ෂක අංශ ද මෙම මර්දන ඉලක්ක බවට පත්කරගෙන ඇති ජනාධිපතිවරයා එමඟින් ද අපේක්‍ෂා කරනුයේ ප්‍රතිවිරෝධයක් එල්ල වන්නට ඉඩ නොතබාම සිය බලය තහවුරු කරගැනීම බව එම විචාරකයෝ අවධාරණය කරති.

ජනප්‍රිය පුවත්  ඉරාන නැව් බාරගන්න අනුර මෝඩිට පොරොන්දු වෙලා!

මෙම භයානක ප්‍රවණතාව වහාම පරාජය නොකළහොත් ශ්‍රී ලංකාව ඒකාධිපති, තනි පක්ෂ ආධිපත්‍යයට නතු වූ රාජ්‍යයක ඉරණමට ඇද වැටීම වැලැකිය නොහැකි වනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

  • ජයන්ත මුදලිගේ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x