August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහවැලි ජලයත් විකුණන්න හදනවා.. ජනතාවට මුහුණ දෙන්න බෑ.. – මාලිමා සභාපති කියයි

1 min read

මහවැලි ජලයත් විකිණීමට සූදානම් වන බවත්, මේ වන විට තමන් සහාය ලබාදුන් මාලිමා ආණ්ඩුව සිදුකරමින් සිටින වැඩ නිසා ජනතාවට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් පවසමින් වැලිකන්ද, සිංහපුර කලාපයේ LB-L – 6 මහවැලි ගොවි සංවිධාන එකමුතුව ආණ්ඩුවට දැඩි චෝදනාවක් එල්ල කරයි.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) වැලිකන්ද මුතුවැලේ කොට්ඨාස සභාපතිවරයා සඳහන් කළේ, බලධාරීන්ගේ සහ අදාළ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ඇතුළු ගම් මට්ටමේ නියෝජිතයන්ට ජනතාව හමුවට යාමට පවා නොහැකි අසීරු තත්ත්වයක් උදාවී ඇති බවයි.

ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජලය විකිණීමට දරන උත්සාහය වහා නතර කර, ගොවි ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසද මෙහිදී නියෝජිතයෝ සහ ගොවීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x