August 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිතයි -ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දෙයි

1 min read

අද (05) උදෑසන 8.00 ට පමණ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

කොත්මලේ ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේ මේ ඔස්සේ තත්ත්පරයට ගණ අඩි 130ක ජල ධාරිතාවයක් මහවැලි ගඟට මුදාහැරීමට නියමිත බවයි.

මෙම ජල මුදාහැරීම හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල මහවැලි ගඟ දෙපස පහත්බිම්වල ජීවත්වන ජනතාවට වැඩි අවධානයකින් හා සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x