August 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැති ඇමතිවරුන්ගෙ වත්කම් ජනතාව දැනගැනීමෙ අයිතියට තිත….!

1 min read

පසුගිය කාලසීමාව පුරාම ආණ්ඩුවෙ සහ විපක්ෂයෙ මන්ත්‍රීවරුන්ගෙ වත්කම් පිලිබඳ තොරතුරු රටේ මහත් ආන්දෝලනයක් කරා මතකද….?

ඒ වත්කම් ප්‍රකාශ මගින් සුදු පිරුවට පොරවාගෙන සිටි මැති ඇමතිවරුන්ගෙ නිරුවත හෙළි වූ හැටි මතකද…?

හෙටින් පස්සෙ ඔබට ඔවුන්ගෙ වත්කම් දැනගැනීමෙ අයිතියට මොකද වෙන්නෙ කියලා ඔබ දන්නවාද….?
ඒ වත්කම් හෙළිකරොත් ඔබට හිරේ යන්න හරි දඩ ගෙවන්න හරි ඒ දෙකම හරි සිද්ධ වෙන්න පුළුවන් කියලා ඔබ දන්නවාද..?

” Rules are for the sheep, loop holes are for the foxes.”
(නීති රීති හැදෙන්නේ අහිංසක බැටළුවන්ටයි, හැබැයි නීති අස්සේ තියෙන හිඩැස් හැදෙන්නේ කපටි නරීන්ටයි. ) කියලා ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් තියෙනවා….

අපේ රටේ දේශපාලනඥයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාවට දැනගන්න ලැබෙනවා කියන්නේ මෙරට දූෂණ විරෝධී අරගලයේ ලැබූ දැවැන්තම, ඓතිහාසිකම ජයග්‍රහණයක්.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මඟින් ජනතාව අතට පත්කළ ඒ බලගතු ආයුධය, දැන් ඉතා සූක්ෂ්ම ලෙස උදුරා ගැනීමට වත්මන් පාලකයන් කටයුතු කරමින් සිටින බව ඔබ දන්නවාද..?

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් සිදු කිරීමට යන්නේ ජනතා හඬ සදහටම නිහඬ කිරීමටද..?

ජනප්‍රිය පුවත්  අනුරගෙ කයිය, ඉලක්කම් විජ්ජාව සහ මහ පොළොවෙ යථාර්ථය..

මෙම නව වගන්ති හරහා මෙරට දූෂණ විරෝධී ක්‍රියාවලියට සිදුවන බරපතළ සෘණාත්මක බලපෑම මනාව පැහැදිලිය..

🔴 පැරණි දූෂණ විරෝධී පනත හරහා ඕනෑම පුරවැසියෙකුට, සිවිල් සංවිධානයකට හෝ මාධ්‍යවේදියෙකුට මැතිඇමතිවරුන්ගේ වත්කම් ප්‍රකාශවල සංස්කරණය කළ පිටපත් ලබා ගැනීමට නීත්‍යානුකූල අයිතියක් තිබුණා.

එමඟින් පාලකයන් උපයාගත් අසමතුලිත දේපළ පිළිබඳව සමාජය තුළ විවෘතව කතාබහ කිරීමටත්, ප්‍රශ්න කිරීමටත් ජනතාවට බලය ලැබුණා.

නමුත් මේ නව සංශෝධනය හරහා කරන්නේ පැරණි පනතේ තිබූ සැබෑ දූෂණ විරෝධී ජවය සහමුලින්ම දියාරු කර දැමීමයි

🔴 මෙහි” වෙනත් යම් කාර්යයකට” යන දියාරු පාඨය (මාධ්‍ය වාරණය)නව සංශෝධනයේ (1ඈ) උපවගන්තියට අනුව, ලබාගන්නා වත්කම් ප්‍රකාශයක් නිලධාරියෙකුට හෝ ආයතනයකට (උදා: අල්ලස් කොමිසමට) ඉදිරිපත් කිරීමට හැර “වෙනත් යම් කාර්යයකට භාවිත කරනු නොලැබිය යුතු ය” ලෙස සඳහන් වෙනවා.

මෙහි ඇති “වෙනත් යම් කාර්යයකට” යන්න ඉතාමත් භයානක, ඕනෑම අතකට නැවිය හැකි ප්‍රකාශයක්.
“The devil is in the details” (යක්ෂයා ඉන්නේ තොරතුරු අස්සේ) කියලා කියමනක් තියෙන්නෙ මේවාට තමයි..

මෙයින් අදහස් කරන්නේ කුමක්ද?

වත්කම් ප්‍රකාශ විශ්ලේෂණය කර මාධ්‍ය මඟින් කෙරෙන දූෂණ අනාවරණ,සිවිල් සංවිධාන විසින් සිදුකරන පර්යේෂණ සහ ජනතාව දැනුවත් කිරීම්,සමාජ මාධ්‍ය හරහා පුරවැසියන් සිදුකරන විවේචනාත්මක ප්‍රශ්න කිරීම්,යන සියල්ලම නීති විරෝධී “වැරදි” බවට පත්කිරීමයි..

ජනප්‍රිය පුවත්  හැබැයි නලින්දත් හොඳ මිනිහෙක්!

පාලකයන්ට හොරකම් කළාට කමක් නැහැ, ඒවා සමාජ මාධ්‍යයේ දැම්මොත් උන් වැරදිකාරයො වෙනවා..
මේවා හම්මාගෙ පනත් සංශෝධනනෙ..

🔴 හොරුන් ඇල්ලීම පසෙක තබා, හොරුන්ගේ වත්කම් ගැන කතාකරන පුරවැසියා සහ මාධ්‍යවේදියා හිරේ දැමීමට මෙයින් ප්‍රතිපාදන සලසා තිබෙනවා.

යමෙකු වත්කම් ප්‍රකාශයක් සමාජගත කළහොත්, ඔහුව මහෙස්ත්‍රාත් අධිකරණයක ලඝු නඩු විභාගයකට (ඉතා කඩිනම් නඩු විභාගයකට) ලක් කර:රුපියල් ලක්ෂයක නොඉක්මවන දඩයකට, හෝවසරක් නොඉක්මවන සිරදඬුවමකට, හෝ මෙන්න මේ දෙකටම යටත් කිරීමට නව නීතියෙන් බලය දී තිබෙනවා.
හොරකම සමාජගත මිනිහා හිරේ, හොරකම් කරපු මිනිහා නිදැල්ලේ…

පට්ට නේද උඹලාගෙ පුනරුද ආණ්ඩුව..

මෙය දූෂණයට එරෙහිව හඬ නඟන මාධ්‍ය සහසමාජ ක්‍රියාකාරීන් බිය වැද්දීමට සහ නිහඬ කිරීමට හිතාමතාම ඇතුළත් කළ මර්දනකාරී මෙවලමකි.

පුද්ගලික දත්ත ආරක්ෂණය (Data Protection) සහ රහස්‍යභාවය රැකීම යන ලස්සන වචනවලට මුවා වී වත්මන් ආණ්ඩුව සිදුකරන්නේ මැතිඇමතිවරුන්ගේ වත්කම් ජනතාවගෙ ඇසින් සඟවා තැබීමයි.

ජනතා ඡන්දයෙන් පත්වන, මහජන බදු මුදලින් නඩත්තු වන මහජන නියෝජිතයන්ගේ වත්කම් පිළිබඳ විනිවිදභාවයක් තිබිය යුතුයි.

ජනතාවගෙ සල්ලි හොරා කාපු උන්ගේ වත්කම් හෙළිදරව් කිරීමට කියලා ආපු උන් මේ කරන වැඩ හිරිකිතයි..

ජනප්‍රිය පුවත්  මම කැමති නැහැ මගේ දුව හරිනි වගේ වෙනවට… ඇයි ඒ දන්නවද හරිනි .?

මෙම සංශෝධනය “පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ” ලස්සන ලේබලය යටතේ ගෙන ආවත්, එහි සැබෑ සහ යටිපෙළ අරමුණ වත්මන් මැතිඇමතිවරුන්ගේ සහ දූෂිත නිලධාරීන්ගේ වත්කම් සමාජගත වීම වැළැක්වීමයි.

හොරුන් රකින, හොරුන් ගැන ලියන මිනිසුන් හිරේ දමන මෙම කළු පනත් කෙටුම්පතට එරෙහිව සමස්ත සමාජයම වහාම හඬ නැඟිය යුතුය…

නිලන්ත සත්සර ගමගේ ✍️

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x