August 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පවුල් 581කට පිඩා – පුද්ගලයන් 6ක් අතුරුදන්

1 min read

බලපාඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වන විට පවුල් 581ක පුද්ගලයින් 2,331ක් දෙනෙක් පීඩාවට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි.

එමෙන්ම පුද්ගලියන් 6 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් එයින් දෙදෙනෙකු ගංවතුරට හසු වී ඇති බවත් සිව්දෙනෙකු පස්කන්දකට යට වී ඇති බවත් සඳහන් වෙයි.

මේ අතර තිදෙනෙකු තුවාල ලබා ඇති බව ඇය පවසයි.

පීඩාවට පත් වූ 1,734 දෙනෙකු මේ වන විට සුබසාධක මධ්‍යස්ථාන 7ක් වෙත යොමුකර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x