August 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මියයයි – තිදෙනෙකු අතුරුදන්

1 min read

හැටන් පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

පවතින අධික වර්ෂාපතනයත් සමඟ මෙම අනතුර සිදුව තිබේ.

අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සඳහා මේ වන විට පුළුල් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ආපදා තත්ත්වයන් හේතුවෙන් නායයෑම් අවදානමක් ඇති ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසත් ආරක්ෂක අංශ දිගින් දිගටම ඉල්ලා සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x