August 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙළඳ හිගය ඩොලර් බිලියන 5.4 තෙක් වැඩිවේ..

1 min read

2026 වසරේ මුල් මාස හය (ජනවාරි – ජූනි) කාලසීමාව තුළ මෙරට වෙළඳ හිඟය අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විදේශ අංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි. එම කාලය තුළ වාර්තා වී ඇති වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 5,489.1 කි.

මහ බැංකු දත්තවලට අනුව, 2025 වසරේ මුල් මාස හය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3,270.1 ක් ලෙස පැවති වෙළඳ හිඟය, 2026 වසරේ අදාළ කාලය වන විට 67% කට වඩා වැඩි අගයකින් වර්ධනය වී ඇත.

මෙම වෙළඳ හිඟය මෙලෙස පුළුල් වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉතා වේගයෙන් ඉහළ යාමයි.

2026 වසරේ මුල් මාස හය තුළ මෙරට මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,903.2 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 6.3 ක වර්ධනයකි. කෙසේ වෙතත්, එම කාලය තුළ ආනයන වියදම සියයට 26.9 කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 12,392.3 ක් ලෙස වාර්තා වී තිබේ.

ජනප්‍රිය පුවත්  විගණකාධිපති වාර්තාව නිලධාරීන් පිට වරද පටවන සූත්තරයක්!

අපනයන අංශය සලකා බැලීමේදී කාර්මික අපනයන ඩොලර් මිලියන 5,424.6 ක් සහ කෘෂිකාර්මික අපනයන ඩොලර් මිලියන 1,450.4 ක් ලෙස සටහන් වී ඇත. ආනයන අංශයේදී ඉන්ධන ආනයනය සඳහා වැය වූ මුදල ඩොලර් මිලියන 3,168.4 ක් දක්වා ඉහළ යාම වෙළඳ හිඟය පුළුල් වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

මීට අමතරව, සේවා ගිණුමේ ශුද්ධ ආදායම ද පෙර වසරේ මුල් මාස හයට සාපේක්ෂව සියයට 22.4 කින් පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x