September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

2020 වසරේ සිට 2026 දක්වා 4308ක් පොලිසිය හැරගිහින්

1 min read

විවිධ හේතු මත 2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා ගත වූ වසර 7කට ආසන්න කාලසීමාවේදී පොලිස් නිලධාරීන් 4,308 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.එලෙස ඉවත්ව ඇති පිරිස අතර පොලිස් නිලධාරීන් 3,936 දෙනෙකු සහ කාන්තා පොලිස් නිලධාරිනියන් 372 දෙනෙකු සිටින බවද එම මූලස්ථානය කියයි.

මින් වැඩිම පිරිසක් ඉවත්වී ඇත්තේ පසුගිය 2025 වසරේදීය. එම වසරේ පමණක් නිලධාරීන් 838ක් හා නිලධාරිනියන් 49ක් ලෙස ඉවත්ව ගොස් ඇති මුළු පිරිස 887කි. මේ වසරේ පළමු මාස 6ක කාලය තුළද නිලධාරීන් 699ක් හා නිලධාරිනියන් 59ක් ලෙස සමස්ත නිලධාරීන් 758ක පිරිසක් ඉවත්වී ඇත.

සිය සේවා කාලය අවසන්වීමට පෙර විශ්‍රාම ගැනීම, විදේශ රැකියා සඳහා පිටත්ව යාම ඇතුළු විවිධ පෞද්ගලික හේතු මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. මීට අමතරව ගතවූ වසර 5 තුළ පොලිස් නියෝගයන්ට පටහැනි විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් නිලධාරීන් 658 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි.

මේ වන විට ශ්‍රී ලංකා පොලිස් සේවයේ සමස්ත පුරප්පාඩු 30,815ක් පවතින අතර, ඊට සාමාන්‍ය පොලිස් සේවයේ පුරප්පාඩු 28,164ක් සහ විශේෂ කාර්ය බළකායේ (STF) පුරප්පාඩු 2,651ක් ඇතුළත්ය. නියමිත බඳවා ගැනීමේ, උසස් කිරීමේ සහ ස්ථානමාරු පටිපාටියට අනුකූලව මෙම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා නව බඳවා ගැනීම් සහ උසස්වීම් කඩිනම් කර ඇතැයි ද එම මූලස්ථානය පවසයි.

ජනප්‍රිය පුවත්  බලන්ගොඩ කස්සප හිමි ඇතුළු පිරිසගේ රිට් පෙත්සමේ නියෝගය කල් යයි

එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධනය ඉහළ නැංවීම සහ මානසික සුවතාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. නවීන තාක්ෂණය හඳුන්වාදීම, ඩිජිටල්කරණ වැඩසටහන්, භට නිවාස පහසුකම් ඉහළ නැංවීම, බෝනොවන රෝග හඳුනාගැනීමේ වෛද්‍ය කඳවුරු සහ ගුණාත්මක ඖෂධ ලබාදීම ඊට ඇතුළත්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x