August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලි නිෂ්පාදනට දුන් ඉන්ධන සහනාධාර අත්හිටුවයි.. විදුලි ගාස්තු ඉහළ යෑමේ අවධානමක්

1 min read

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලි උත්පාදනය සඳහා ලබා දුන් ඉන්ධන සහනාධාරය නතර කිරීම සහ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදී විදුලි ගාස්තු යළිත් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වෙයි.ඛනිජ තෙල් සංස්ථාව විසින් Naphtha සහ HFO මිල සියයට 20කින් පමණ ඉහළ දමා ඇති අතර, මීට පෙර විදුලි බල ක්ෂේත්‍රය සඳහා ලබා දුන් සහනදායී මිල ක්‍රමයද අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මෙම ඉන්ධන මිල ඉහළ යාම කැලණිතිස්ස, සපුගස්කන්ද සහ යුගදනවි වැනි ප්‍රධාන තාප විදුලි බලාගාරවල නිෂ්පාදන පිරිවැය ඉහළ නැංවීමට සෘජුවම බලපානු ඇත.

ජාතික පද්ධති මෙහෙයුම්කරුගේ සභාපති ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ, ඔක්තෝබර් – දෙසැම්බර් කාර්තුව සඳහා වන ගාස්තු සංශෝධන යෝජනාව ලබන සැප්තැම්බර් 04 වැනිදා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

රජය ලබා දුන් සහනාධාරය අවසන් වීම හේතුවෙන් ඉහළ ගිය පිරිවැය ගාස්තු සංශෝධනයේදී සැලකිල්ලට ගැනීමට සිදුවන බවද ඔහු පෙන්වා දී ඇත.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ පෙට්‍රල් සහ ඩීසල් සඳහා සහනාධාරයක් ලබා දීමට රජය සලකා බලමින් සිටියද, විදුලි උත්පාදනයට යොදා ගන්නා ඉන්ධන සම්බන්ධයෙන් එවැනි සහනයක් ලබා දීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

ජනප්‍රිය පුවත්  මිද්දෙනියේ ‘‘කෙමිකල්“ අයිස් නොවේලු!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x