August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදෙස් ආයෝජන පිටතට ගලායාම අධි වේගයෙන් !

1 min read

මේ වසරේ පළමු කාර්තුවෙන් පසු, කොළඹ කොටස් වෙළඳපොල තුළ විදෙස් ආයෝජකයන් විසින් ආයෝජනය කර තිබූ මුදල්, සිය කොටස් විකුණා රටින් බැහැරට රැගෙනයාමේ ප්‍රවණතාව මේ වන විට අසාමාන්‍ය අන්දමට වර්ධනය වී ඇතැයි කොටස් වෙළඳපොල ආරංචිමාර්ග අණාවරණය කරයි.

පසුගිය අගෝස්තු 18 පමණක් ශ්‍රී ලංකා රුපියල් මිලියන 605.97 ක් ද, අගෝස්තු 17 වැනිදා රුපියල් මිලියන 473.53 ක් ද ඒ අයුරින් විදේශ ආයෝජකයන් විසින් සිය කොටස් විකුණා මුදල් පිටතට යවා තිබේ.

පසුගිය අගෝස්තු 14 වැනිදා විදේශ ආයෝජකයන් විසින් තමන් සතු කොටස් විකුණා පිටතට ගෙන ඇති මුලු මුදල් වල වටිනාකම රුපියල් මිලියන 695.99 කි. පසුගිය 13 වැනිදා එසේ පිටතට රැගෙන ඇති මුලු මුදලේ අගය රුපියල් මිලියන 624.46 ක් වේ. ඉකුත් 11 වැනිදා රු. මිලියන 356.19 ක් වශයෙන් ද, අගෝස්තු 05 වැනිදා රුපියල් මිලියන 4872.13 ක් වශයෙන් ද, අගෝස්තු 04 වැනිදා රු.මි. 1029.88 ක් ලෙසද පසුගිය ජූලි 28 වැනිදා රුපියල් මිලියන 1023.64 ක් ලෙසද විදෙස් ආයෝජකයන් සිය කොටස් විකුණා වෙළඳපොලෙන් ඉවතට මුදල් රැගෙන ගොස් තිබේ.

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේට හෘදයාබාධයක් !

මෙරට ආර්ථිකය පිළිබඳ ඇතිව තිබෙන අවිශ්වාසය, මෙම තත්ත්වය ඇතිවීමට හා වර්ධනයවීමට හේතු වී ඇතැයි මූල්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.

2026 වසරේ මුල් මස 06 තුළ පමණක් විදෙස් ආයෝජකයන් ඇමරිකානු ඩොලර් මිලියන 101.1 ක (රුපියල් බිලියන 33 කට අධික) ශුද්ධ කොටස් ප්‍රමාණයක් විකුණා දමා තිබේ. අප ඉහත දැක්වූ දත්ත වලින් පෙනී යන්නේ එම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වන බවයි. 2025 වසරේ පළමු මාස 06 තුළ විදෙස් ආයෝජකයන් තම කොටස් විකුණා ඉවතට ගෙනගොස් ඇත්තේ ඇ.ඩො. මිලියන 39.2 ක් පමණී. එයට සාපේක්ෂව මෙම (2026) වසරේ මුල් මාස 06 තුළ ඉවතට ගෙන ඇති මුදල් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් හිමි කර දී තිබේ.

දේශීය මුදල් ඒකකයේ වටිනාකම දිනපතා හීනවීම, උද්ධමන පීඩනය ඉහලයාම හා ගෝලීය මෙන්ම කලාපීය දේශපාලන අස්ථාවරබව මෙම ප්‍රවණතාව වර්ධනය වීම කෙරෙහි සෘජුව බලපා ඇතැයි මූල්‍ය විශේෂඥයෝ පවසති.

  • නාමල් බෝධාගොඩ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x