September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස 163,500 ඉක්මවයි

1 min read

වියළි කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පුද්ගලයින් 50,176ක් පීඩාවට ලක්ව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ එම පවුල්වල පුද්ගලයින් 163,869ක් මෙම වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවය.

එම පිරිස අතුරින් මේ වන විට ජල හිඟයකට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 43,586ක් පත්ව ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඒ අනුව එම පවුල් අතරට අයත් වන පුද්ගලයින් 142,236කට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x